Breaking News
Home / දේශීය පුවත් / මහින්දගේ පානෙන් එන්න හැදු සිරිසේනගේ 2020 ජනාධිපති සිහිනය ගෝඨා බොද කරයි. 2020 පොහොට්ටුවෙන් ගෝඨා පැමිණීම ස්ථිරයි

මහින්දගේ පානෙන් එන්න හැදු සිරිසේනගේ 2020 ජනාධිපති සිහිනය ගෝඨා බොද කරයි. 2020 පොහොට්ටුවෙන් ගෝඨා පැමිණීම ස්ථිරයි

සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ඝෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි.

එහිදී ඝෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා පැවති සියලු බාධක ඉවත්කර ගත් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද ආශිර්වාදය තමන් වෙත ලැබුණු බවත්ය.දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව සංශෝධනය මගින් රටට විය හැකි අනතුරුදායක තත්වය සම්බන්ධව නිවැරදි පින්තූරයක් සමාජගත කළ යුතු බවද ඔහු වැඩිදුටරත් එහිදී ප්‍රකාශ කර ඇත.

ඔහුගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ, සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් පවසන්නේ, වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි.මෙම ප්‍රකාශයත් සමග මහින්දගේ පානෙන් එලිය බැලීමට සිටි සිරිසේන ඇතුළු පාර්ශ්වය කලබලයට පත්වී ඇතිබව සදහන් වනවා.

එය සනාත කරමින් සිරිසේනට අයත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කරන්නේ ගෝටා තවමත් පුරවැසිබාවය ඉවත් කරගෙන නැති බවත් මෙය සාවධ්‍ය කරුණක් බවයි.කෙසේ වෙතත් පසුගිය අවසන් නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ නිමල් සිරිපාල පැවසුවේ පොහොට්ටුවට ඔවුන් සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි.

එසේම දයාසිරි හා මහින්ද අතර මත ගැටුමක්ද මේවා වන විට තිබෙන අතර මීලග ජනපති අපේක්ෂකයා සිරිසේන බව නිදහස් පක්ෂය තහවුරු කරද අවසන්.

එසේ වුවොත් මීලග ජනපති සටන තුන්කොන් සටනක් විය හැකි අතර පල්ලෙවත්ත ගමරාලලාගේ රොහාන් පල්ලෙවත්ත නම් සිරිසේනගේ ඥාති සහෝදරයා දමා ප්‍රධාන පක්ෂ කලකිරී ඇති මධ්‍යස්ත චන්ද ඔහු වෙත යැවීමටද සිරිසේනගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව සදහන්.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!