Breaking News
Home / දේශීය පුවත් / මහින්දගේ නම විකුනලා පුද්ගලික ලේකම් ලොකුබණ්ඩාර අල්ලස් අරන්ලු හපුතලේ පොහොට්ටු සංවිධායක දුරයෙනුත් ඉවත් කරනවලු

මහින්දගේ නම විකුනලා පුද්ගලික ලේකම් ලොකුබණ්ඩාර අල්ලස් අරන්ලු හපුතලේ පොහොට්ටු සංවිධායක දුරයෙනුත් ඉවත් කරනවලු

හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර නමැත්තා මහින්ද රාජපක්ෂගේ නම විකුණමින් මහින්ද රාජපක්ෂට සතයක් හෝ ලබා නොදී විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අවස්ථාවලදී රුපියල් කෝටි ගණනක මුදල් අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි හෙළිදරව් වීම නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

උදිත ලොකු බණ්ඩාර මහින්ද සමග හමුවීමක් යොදා ගැනීම සඳහා පවා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන තිබේ.

මේ නිසා උදිතව මහින්දගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කර හපුතලේ පොහොට්ටුවේ ආසන සංවිධායක ලෙස පත් කර මහින්දගේ ආසන්නයෙන් ඉවත් කර ඇත.

පසුගිය මැතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මධූෂා රාමසිංහ නමැති නිළියට පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා යැයි නම සඳහන් වූයේ ද උදිත ලොකු බණ්ඩාරගේ නම ය.

About lanka

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!