Breaking News
Home / Video / මහින්දගෙන් බඩ පිරෙන්න කාපු බෝගොල්ලාගම මෛත්‍රීට ගොට්ට අල්ලලා ගත්ත ආණ්ඩුකාරකමේ පවර් එක බිරිඳ ජනතාවට පෙන්නයි

මහින්දගෙන් බඩ පිරෙන්න කාපු බෝගොල්ලාගම මෛත්‍රීට ගොට්ට අල්ලලා ගත්ත ආණ්ඩුකාරකමේ පවර් එක බිරිඳ ජනතාවට පෙන්නයි

උරුමය පිළිබඳ මතබේදයකට තුඩුදී තිබෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුජාභුමියකදී නැගෙනහිර ආණ්ඩුකාර බිරිඳ පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් හමුවේ හින්දු බැතිමතුන් පිරිසකට බැනවැදී තර්ජනය කර දෙමළ සස්කෘතික සංකේත කෙලෙසීම සාම්පූර් ප්‍රදේශයේ ගම්වාසීන්ගේ කෝපයට හේතුවී තිබේ.

මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ පවත්වාගෙන යන ස්කන්ධකුමාර කෝවිල් භූමියට සිය සැමියා සමගින් ගිය දීප්ති බෝගොල්ලාගම පොළොවේ ඇඳ තිබූ “කෝලම්” නමින් හැඳින්වෙන හාල්පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල බිම් සැරසිල්ලක් පාවහන් සහිත පයින් පාගා එහි සිටියවුන්ට තර්ජනය කරනු  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් රූ ගත කර ඇත.

කෝලම් චිත්‍රය වටකොට සිටි කාන්තාවන් “මුරුගා, කාලි අම්මා” යි හඬ නගද්දී, එතනට පැමිණි ආණ්ඩුකාර  බිරිය “තමුසෙලා ඔක්කොමල්ලාට දෙනවා වැඩේ” යයි ඇඟිල්ල දිගු කරමින් බහුතරයක් කාන්තාවන්ගෙන් සැදුම්ලත් බැතිමතුන්ට කරනු ගගන වෙත ලැබුනු වීඩියෝ රූප රාමු වල දැක්වේ.

ඇය සමග ආ පොලිස් නිලධාරිනියන් ද පාවහන් ගලවා සිටිනු දැකගත හැකිය.

දීප්ති බෝගොල්ලාගම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස කෝපයට පත් කාන්තාවන් කෑගැසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇය කැඳවාගෙන ගිය බව ගගන ත්‍රිකුණාමල වාර්තාකරු පවසයි.

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම එහි ගොස් සිටියේ අලුතින් කණිනු ලැබූ ළිඳක් පිහිටි භූමිය පෞරාණික චෛත්‍යයක් ඉදිකර තිබූ ස්ථානයක් බව පවසමින් එම වැඩ කටයුතු නවතා ලන ලෙස සේරුවිල සිට පැමිණි භික්ෂුන් වහන්සේ දෙනමක් පසුගිය සතියේ කෝවිල් පාලනාධිකාරියට බල කිරීම නිසා දායකයන් අතර හටගත් නොසන්සුන්තාවය පිළිබඳව විමසා බැලීමටය.

ජලය ලබා ගැනීම කෝවිලට මීටර සියයක් පමණ දුරින් ළිඳ කණින ලද්දේ මුතූර් ප්‍රාදේශීය සභාවේ ආධාරයද ඇතිව බව කෝවිල් පාලනාධිකාරිය පවසයි.

ස්කන්ධ, කාලි සහ බහිරව හින්දු දෙවි දේවතාවියන් වෙනුවෙන් මද්දලමලෙයි කන්දේ කලක් තිස්සේ පුද පූජා පවත්වන ලද බව පවසන රාසයියා පද්මනාදන් පූජකතුමා කියා සිටින්නේ තමන් ඒ වෙනුවෙන් කැපවුනු හත් වැනි පරම්පරාවට අයත් අයකු බවයි.

බෞද්ධ උරුමය

මතභේදයට තුඩුදී ඇති භූමියට බෞද්ධ උරුමයක් ඇතැයි  ජනාධිපති ලේකම්වරයාටත් තමන් දැනුම් දී තිබෙන බව සේරුවිල මංගල රජමහ විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නාහිමියන් මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

ප්‍රදේශයේ දෙමළ වැදි ජනතාව කෝවිලේ ආදිතම දායකයන් බව පවසන පද්මනාදන් පූජකතුමා කිසිදා පල නොකළ අයිතිවාසිකමක් කියා පෑමට බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වීම ගැන විමතිය පළකර සිටී.

කෝවිලේ භාණ්ඩාගාරික චන්ද්‍ර මෝහන් ගගන හා කියා සිටියේ කලක් තිස්සේ පුද පුජා පැවැත්වුවද ස්ථිර ගොඩනැගිලි නොතිබුනු මතභේදයට ලක්වූ කෝවිල 2013 දී  ලියාපදිංචි කොට පූජාභුමි සංවර්ධන අරමුදලේද සහාය ඇතිව ඉදිකිරීම් අරඹන ලද බවයි.

අදාළ ස්ථානය මිනුම් කටයුතු කර මායිම් සලකුණු කිරීමටත් සිව් වසරකට පෙර ඉදිකරන ලද මෙම හින්දු කෝවිලේ ලියාපදිංචිය  පිළිබඳව විභාග කරන ලෙස ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම තමන් සමග ගොස් සිටි ත්‍රිකුණාමලය දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාරට උපදෙස් දී තිබේ.

ඒ සමගම ඔහු වැඩබලන මුතූර් ප්‍රාදේශීය ලේකම් ඒ තාහීර් ට නියෝග කර ඇත්තේ ළිඳේ කැනීම් නවතා දමන ලෙසයි.

ළිඳක් නොමැතිව වතුර ලබා ගත නොහැකි බව ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දීමෙන් අනතුරුව බවුසර් මගින් ජලය සපයන බවට  නැගෙනහිර ආණ්ඩුකාරයා පොරොන්දුවූ බව ගගන වාර්තාකරු පවසයි.

මේ වනවිට කෝවිල් භූමියට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව පවසන ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා කියා සිටින්නේ ඉදිරි පියවර ගැනීම සඳහා පුරාවිද්‍යා විමර්ශන වාර්තාවක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

radiogagana.com

සංස්කෘතික කාරනා පිලිබද යම් ගැටළු ජනතාවට තිබිය හැක. එය විසදීමට නිළධාරින් හා ක්‍රමවේදයක් ඇත. එහෙත් දේශපාලන පත්වීමක් ලෙස පලාතේ ප්‍රධාන රජයේ නියෝජිතයා ලෙස පත් කල ආණ්ඩුකාරයාට ප්‍රශ්න විසදිය හැකි වුවත් ඔහුගේ බිරිදට ළමයින්ට හෝ හොර ගෑනුන්ට ප්‍රශ්න විසදීමට හෝ අහිංසක මිනිසුන්ට කුරුදුවත්තේ බංගලාවේ වැඩකාරියන්ට මෙන් සැලකීමට කිසිදු අයිතියක් නැත.

ආණ්ඩුකාරයාගෙ බිරිද වූ පලියට ඒ චරිතය රටේ ජනතාවට අදාලම නැත. ජනවාර්ගික අර්බුදයක සිටින ලංකාව එය විසදීමට තවමත් උත්සහා කරන යුගයක මැය කෝවිලකට යන්නේ පාවහන් පලදාගෙන. එය අනෙක් ජන කොට්ටාශයේ විශ්වාසයන් බල්ලට ඇද දැමීමක්. මෙවන් පිස්සු උඩගු චරිත කරන කියන දේ වල වගකීම මොවුන් කර උඩ තබාගත් උදවිය දැරිය යුතුයි. පසුගිය ආණ්ඩුවේ විදේශ අමාත්‍යංශයෙන් කාපු කෑම නිසා පාර්ලිමේන්තු අසුනද බෝගොල්ලාගමට අහිමි විය. එහෙත් රටේ මහතැන රටට වඩා උතුම් යයි සිතා සිටින පක්ෂයක බෝඩ් ලෑල්ල රැකීම වෙනුවෙන් මොවුන් රෙද්ද අස්සේ දමාගෙන කාගන්නා දිනය වැඩි ඈතක නොවේ.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!