Breaking News
Home / Video / මහා ඇමති කෝලමා පස්චාත් ඉසුරගේ සභාපතියෙක් වන වාලම්පුරි දිසානායක කරන වංචාව බැලුම්ගල හෙළිකරයි. රටේ නිතිය එක එක විදිහියට ක්‍රියාත්මක වෙන තවත් කතාවක්

මහා ඇමති කෝලමා පස්චාත් ඉසුරගේ සභාපතියෙක් වන වාලම්පුරි දිසානායක කරන වංචාව බැලුම්ගල හෙළිකරයි. රටේ නිතිය එක එක විදිහියට ක්‍රියාත්මක වෙන තවත් කතාවක්

කිර්ති දිසානායක නම් පුද්ගලයකු රටේ ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය වල මුදල් ගෙවා පැය ගණන් වැඩසටහන් කරන ආකාරය ඔබ දැක ඇති. එම පුද්ගලයාගේ මහල් ගණනකින් යුත් නිවස හා ආයතනය මිරිහාන පාරේ පිහිටා තිබේ.

Image result for namo narayana mandiraya

මෙම පුද්ගලයාගේ ව්‍යාපාරය වන්නේ වාලම්පුරි විකිණීමයි. එයින් වාසනාව ගෙනත් දී දේශපාලකයන් ඇතුළු ලෝක පුජිතවූ පිරිසක් රටේ සිටින බවයි ඔහු මාධ්‍ය වල පවසන්නේ. එම එක වාලම්පුරියක් ලක්ෂ ගණනක් වන බවයි ආරංචිය.

කෙසේ හෝ මේ පිළිබද ගවේෂණයක් නෙත් එෆ් එම් බැලුම්ගල කර ඇති අතර මුහුදු ජිවින් පරික්ෂා කල හැකි ලංකාවේ ආයතනය වන නාරා ආයතනයෙන් මෙම වාලම්පුරි යයි කියන ජීවින් පිළිබද වාර්තාවක් ලබාගෙන ඇත. එහිදී හෙළිව ඇත්තේ ඒවා ලංකාවේ ජීවින් නොවන අතර ඇමරිකා මහද්වීපයෙ දක්නට ලැබිය හැකි ඒවා බවයි

කෙසේ වෙතත් වාලම්පුරියක් ලෙස සලකනු ලබන්නේ දක්ෂිනාවර්තව නැමී ඇති බෙල්ලා අසාමාන්‍ය ලෙස වාමාවර්තව නැමී තිබෙන ජිවින්ට බවයි විද්‍යාත්මක අදහස.

මේ කිර්ති දිසානායක නම් පුද්ගලයා ජනපති සිරිසේනගේ ඉතාම හිතවත් හා ඔහු වෙනුවෙන් පෙනී සිටින බස්නාහිර මහා ඇමති ඉසුර දේවප්‍රියගේ කිට්ටුම හිතවතෙකි. දැනට මාස ගණනක සිට පුටු දොරවල් හා එයාර් ප්‍රේෂ්නර් ගෙන ඒමේදී ජනතා මුදල් ගෙදරින් ගෙනාවක් මෙන් කෝටි ගණන් වියදම් කල හැටිත් පාසල් සිසුවකු එලවා බුලත් අත් කිහිපයක් ගෙන විදුහල්පති ලවා වන්දවා ගත අවස්ථා වැනි මන්ද බුද්ධික ක්‍රියාවන්ට ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුවත් ඔහු සතුටින් සැනසීමෙන් වාලම්පුරියක් නිසාදෝ කාලය ගත කරමින් සිටි.

මහා ඇමති පදවිය උකුලට අහම්බෙන් දේවප්‍රියට වැටුන පසු බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලේ සභාපති ලෙස මෙම වාලම්පුරි දිසානායක පත් කල බවද මාධ්‍ය වාර්තා කළා. එම අවස්ථාවට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය උදාකළ එවකට ක්‍රීඩා ඇමති දයාසිරි නම් පුද්ගලයාද සහබාගිවී සිටි අයුරු දක්නට ලැබේ.

මෙම හොර වාලම්පුරි ජාවාරමට පොලිසියේ පැමිණිලි ගණනාවක් ඇතත් පොලිසිය නිහඬ ඉසුර දේවප්‍රියගේ හා ඔහුට ආශිර්වාදයක් වන රටේ මුල් පුටුවේද ආශිර්වාදය තිබෙනවාද යන්නම් අප දන්නේ නැති අතර නෙත් එෆ් එම් බැලුම්ගල කල සම්පුර්ණ වාර්තාව පහතින් බලන්න.

මේ ඉසුර දේවප්‍රිය කොළොන්නාවේ පාසලකට ගොස් බුලත් අතක් ගෙන වැන්දේ නැති සිසුවා එලවා දැමු පුවත

කැබිනට් ඇමතියෙකුගේ බලතල ඇති රටේ වාණිජ පළාත බාර මහා ඇමතියා පාසලක උත්සවයකට ගොස් සිසුවෙක් බුලත් කැලි දෙකක් තුනක් ගෙන පිළිගන්න ආවයයි මළපැන විදුහල්පති සමග බුලත් අතවල් ගෙන නැවත වදින්නයි කිසිවක් නොදන්නා සිසුවෙක්ට මේ මෝඩ අමන දේශපාලුවා බැන වදී.

පසුගිය දවසක රටේ මුදල් ඇමති කුමන දේශපාලන මතයක් දරුවත් වටිනා කතාවක් කිවේය. ඒ දේශපාලකයන්ට දනගහලා වදින්න එපා. ඔහු මෙතන එන්නේ මොනා කරලද කියලා ඔයාලා දන්නේ නැ.

රටේ මුදල් ඇමති එසේ කියද්දී කිසි සුදුසුකමක් නැති නගර කුණු ට්‍රැක්ටරයකවත් වැඩ කිරීමට සුදුසුකමක් නැති මහා ඇමතියා සිසුන් කෙසේ වෙතත් රජයේ විභාග පාස් කර මුළු පාසලක ගුරු ප්‍රධානියා ලව්වා මොහු වන්දා ගැනීමට තරම් රටේ දේශපාලනය විකෘතියක් වීමට රටේ වාහල් මිනිස්සු වග කිව යුතුයි.

සමහරක් විට මේ අපහාසයට ලක්වූ සිසුවාගේ මව්පියන් නෑදෑයින් විදුහල්පති මොහුගේ පක්ෂයට දිගුකාලීනව මනාපය භාවිතා කරන අය විය හැකි. අපේ වහල් ජනයා තමන්ට පුද්ගලිකව තමන්ගේ ගොපල්ලුන්ගෙන් අසාධාරණයක් වන තුරු නැගිටින්නේ නැති අතර එම මොහොතේදී සියල්ල ප්‍රමාද වී තිබිය හැක.

තවමත් ලංකාවේ බහුතර වහල් ජනයා මේ කිසිත් තේරුම් නොගත් උන් වේ. මේ ඉසුරගේ සිද්දියේ වීඩියෝව

මේ කෝටි ගණනක එයාර් ප්‍රේෂ්නර් සභාවට ගෙනා පුවත

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ආන්දෝලනාත්මක කතා රැසක් ඇසෙන්නට වුනා.

රුපියල් කෝටි ගණන් වැයකරමින් පුටු ගෙන්වීමට කටයුතු කිරීම, කෝටි එකහමාරක් වැය කිරමින් කැටයම් සහිත දොරක් නිර්මාණය කිරීම මෙන්ම ආරක්ෂිත කැමරා සවිකිරීමේදී රුපියල් මිලියන 37 ක වංචාවක් සිදුකළ බව කියන පුවත් අප මීට පෙර ඔබට වාර්තා කළා.

ඉන් නොනැවතුනු බස්නාහිර පළාත් සභාව නැවතත් රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂයක මහජන මුදලක් වැයකරමින් නව ගොඩනැගිල්ල සුවඳවත් කරන්නට එයාර් ෆ්‍රෙෂ්නර් සවිකර තිබෙනවා.

මහල් පහළොවකින් සමන්විත බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල තුල රුපියල් 18,700 බැගින් මිලදී ගත් එයාර් ෆ්‍රෙෂ්නර් යන්ත්‍ර 875ක් එහි සෑම කොටසක්ම ආවරණය වන පරිදි සවි කර ඇති බවයි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ.

එසේම මෙම එයාර් ෆ්‍රෙෂ්නර් යන්ත්‍ර සති තුනෙන් තුනට නැවත පිරවිය යුතු අතර ඒ සඳහා එක් වතාවකට රුපියල් 26,25,000ක් වැය වන බව ද ඔහු ප්‍රකාශ කළා.

වසරක් පුරාවට මොවුන් මේ සුවද ගැසුවහොත් වසරකට කෝටි 4.5 ක් අවශ්‍ය වෙනවා. කෝටි 6 ක් වියදම් කර පුටු ඇනවුම් කිරීම කෝටි 1.5 වියදම් කර දොරක් දැමීමෙන් පසු මේ නාඩගම නුගත් මහා ඇමති විසින් සිදු කර තිබෙන අතර ඔහු මෙය බයක් සැකක් ලැජ්ජාවක් නැතිව දිගින් දිගටම මෙය කරන්නේ රටේ ඉහලම ඇත්තාගේ ආශිර්වාදයක් නිසා විය හැකි.

 

 

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!