Breaking News
Home / දේශීය පුවත් / මහරහතුන් වැඩසිටි පින්බිමේ ශ්‍රී මහබෝ වැඩසිටින පින් බිමේ රුවන්වැලි මහා සෑ රජුන් තිරයක මෙන් අංක දමා විකෘති කල උපකරණ සියල්ල පිච්චි ගිහින්

මහරහතුන් වැඩසිටි පින්බිමේ ශ්‍රී මහබෝ වැඩසිටින පින් බිමේ රුවන්වැලි මහා සෑ රජුන් තිරයක මෙන් අංක දමා විකෘති කල උපකරණ සියල්ල පිච්චි ගිහින්

සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර රුවන්වැලි මහසෑ පින්බිමේදී අද ඊයේ ආරම්භ විය.

ඒ අනුව මිණි කරඬුවක, ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේ තැන්පත් කළ 96 කෝටියක් මහරහතුන් වැඩ සිටි රුවන්වැලිසෑ පිං බිමේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සංවිධාන කර තිබෙනවා.

ප්‍රථම වතාවට ආලෝක ප්‍රක්ෂේපණ රටා යොදා ගනිමින් සිදුකෙරෙන මහසෑ රඳුන් උදෙසා වූ ෂඩ් වර්ණ ආලෝක පූජාවත්, අධිෂ්ඨාන පූජාවත් මේ යටතේ ඊයේ සිදු කළේය.

කෙසේ නමුත් එලෙස සිදුකල ආලෝක ප්‍රක්ෂේපණ රටා සදහා යොදා ගත් භාණ්ඩ විදුලියෙහි ඇති වූ දෝෂයක් නිසා ක්‍රියා විරහිත වී තිබෙනවා. වාර්තා වන අන්දමට ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ විනාශ වී ඇති බව සදහන් වේ.

උපුටා ගැනීම  – niyamagossip

කෙසේ වෙතත් මේ පිළිබද බහුතරයක් විවේචනය කරන අතර මෙය හොද ක්‍රියාවක් කීමට ඉදිරිපත් වන්නන්ද සිටිනවා. මෙය සිතේ ඇති චේතනාව වැනි කාරනා කියමින් ධර්මය ඉගැන්වීමට දගලන උදවියද සිටිනවා.

කෙසේ වෙතත් අපගේ අදහසනම් මෙම අංක වැනි දේවල් සැය මත ප්‍රදර්ශනය කිරීමෙන් වන්නේ සැය චිත්‍රපට තීරයකට සමාන වීමයි. එයින් සිදුවන්නේ රටේ වසර දහස් ගණන් රැකුන මහරහතන්ගේ බිම තුට්ටුදෙකේ මාර්කටින් සංකල්පයකින් අපහසවී යාමක් බවයි. මෙයට අවසර දුන් භුමියේ භාරකරුවන් ඇතුළු සියල්ල වගකීමෙන් නිදහස් වුවත් ධර්මයේ බලයෙන් යම් දිනක මෙයට ප්‍රතිචාර ඔවුනොවුන්ට ලැබෙනු ඇති

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!