Breaking News
Home / දේශීය පුවත් / මහරගම ලොකු ‘සෑර්’ ට ඇමතුවත් ප්‍රතිචාරයක් නොදක්වයි

මහරගම ලොකු ‘සෑර්’ ට ඇමතුවත් ප්‍රතිචාරයක් නොදක්වයි

මහරගම නගර සභාවේ සභාපතිවරයා විසින් පළ කර ඇතැයි කියන දැන්වීමක් සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප‍්‍රධාන විධායක තනතුර හොබවන නිසාත් සියලූම නිලධාරී සේවක මහත්ම මහත්මීන් සහ සියලූ ජනතාව ‘‘සර්’’ යන නාමයෙන් තමන් ආමන්ත‍්‍රණය කළ යුතු බවටයි එහි දැක්වුණේ.

මහරගම නගර සභාවේ සභාපතිවරයාගේ අත්සන ද සහිතව පළ කර තිබූ මෙම දැන්වීම සමාජ මාධ්‍ය තුළ ද මේ වනවිට දැඩි කතා බහක් ඇතිකර තිබෙනවා.

මෙම දැන්වීම සම්බන්ධයෙන් තොරතුරු දැන් ගැනීම සඳහා නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ දැරුවද එය අසාර්ථක වුණා.

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී මහරගම නගර සභාවේ බලය හිමිවුණේ බයිසිකලය ලකුනෙන් තරග වැදුණු ස්වාධීන කණ්ඩායම් අංක 02 කණ්ඩායමටයි.

මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ ලේකම්වරියගෙන්ද විමසා සිටියා. ඇය මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළා.

කෙසේවෙතත් මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප මහරගම නගර සභාවේ දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත් අතර එහිදී දුරකතනයට පිළිතුරු දුන් ආරක්ෂක අංශයෙන් සඳහන් කළේ එවැනි නිවේදනයක් දැන්වීම් පුවරුවේවත් තමන් නොදැක්ක බවයි. ඊට අමතරව වෙනත් යමක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද සඳහන් කළා.

neth

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!