Breaking News
Home / දේශීය පුවත් / මහබැංකුවට වැඩේ දුන්නු රවී විදුලිබල මණ්ඩලේටද වැඩේ දෙයි ඔක්තෝබර් 26 කුමන්ත්‍රනේ හිටපු රවී මණ්ඩලේ ටෙන්ඩර් මගඩියකින් මිලියන 75000 ක් රටට නැතිකරයි

මහබැංකුවට වැඩේ දුන්නු රවී විදුලිබල මණ්ඩලේටද වැඩේ දෙයි ඔක්තෝබර් 26 කුමන්ත්‍රනේ හිටපු රවී මණ්ඩලේ ටෙන්ඩර් මගඩියකින් මිලියන 75000 ක් රටට නැතිකරයි

පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කෙරවලපිටිය මෙගාවොට් 350 ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව චීනයට ලබාදීමට පෙරේදා (12) දිනයේදී ඔහු විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කල අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විරුද්ධත්වය පළවුවද බහුතරයකගේ කැමැත්ත මත එම යෝජනාව සම්මත වී තිබේ.

ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගම ඉන් ඉවත් කර වැඩි මිලක් ඉදිරිපත් කල චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීම සදහා අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍යංශ ලේකම් බී,.එම්.එස් බටගොඩ විසින් විශාල උත්සාහයක් ගනු ලැබූ අතර අවසානයේ ඔවුන් ජයග්‍රහණය කර තිබේ.ඒ අනුව මීළඟ වසර 20 තුලදී රටට සිදුවන පාඩුව රුපියල් මිලියන 75,000 – 90,000 අතර තරම් වන බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතය වී ඇත.

අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ සමඟ එක්ව රවී කරුණානායක විසින් තවත් ටෙන්ඩර් වංචාවන් රැසක් සිදුකිරීම සදහා සැළසුම් සකස් කරමින් සිටින බව අනාවරණය වී ඇත.නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය නිසි පටිපාටියෙන් බැහැරව රුසියානු සමාගමක් වෙත ලබාදීම හරහා රුපියල් මිලියන 6000ක අලාභයක්ද, ඇග්‍රිකෝ නමැති සමාගමකින් හදිසි විදුලිය මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 20ක් හෙවත් රුපියල් මිලියන 20,000ක්ද රටට අහිමි කරමින් රුපියල් කෝටි 300ක පමණ කොමිස් මුදලක් ඉපයීම අමාත්‍ය රවී කරුණානායකගේ අරමුණ වී ඇත.

බැදුම්කර වංචාවෙන් උපයාගනු ලැබූ කොමිස් මුදල් වලින් රවී කරුණානායක මහතා කොළඹ සුපිරි පංතියේ තට්ටු නිවාසයක් මිළදී ගත් බව එම වංචාව පිළිබඳව විමර්ශණ සිදුකල ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ අතර පසුව ඔහුට එවකට දරමින් සිටි මුදල් අමාත්‍යධූරය පවා අහිමි විය.එසේම ඔකොතොබර් 26 කුමන්ත්‍රණයට එජාපයෙන් සහය දුන් ප්‍රධාන පාර්ශවයක් වන රවී පාර්ශවයේ පසුපෙළ මන්ත්‍රී 11 මහින්ද සිරිසේන ආණ්ඩුවට එකතුවීමට සිටි අතර ඇමතිකම් පිළිබද ප්‍රශ්නයක් මත ඇතිවූ අවුලකින් එය ව්‍යර්ථ වී ඇති අතර නැවත රනිල්ගේ ආණ්ඩුවෙන් මුදල් ඇමතිකම ලබාගැනීමේ පොරොන්දුව මතයි නැවත යුක්තියේ හඬ වේදිකාවට පැමිණ ඇත්තේ.

දින ගණනක් අතුරුදන් වී සිට එක වරම අරලියගහ මන්දිරය අසල උද්ගොෂණයකින් මතු වන්නේ ඒ ප්‍රතිපලයක් මතයි. එහෙත් රනිල් පොරොන්දු වූ පරිදි මුදල් ඇමතිකම නොදීම මත අදටත් කැබිනට්ටුවේ මෙන්ම පිටත මුදල් අමාත්‍යංශය පිළිබද විවේචනය කරන ආකාරය දැකගත හැක්කේ මේ ප්‍රතිපලයක් මතයි. කෙසේ වෙතත් රවිගේ මෙහෙයවීම මත එජාප පසුපෙළ විවිධ ඇමතිවරුන් විවේචනය කරමින් සිටින්නේද මෙහි ප්‍රතිපල ලෙසයි.

එහි ඉදිරියෙන්ම සිටින්නේ ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගමේ ඒජන්සියක් ලබා ඇතැයි චෝදනාවක් ඇති හේෂා විතානගේ සහ පසුගිය දා නාකොටික් පොලිස් නිලධාරියෙක්ට පහරදුන් චමින්ද විජේසිරි යන අයයි. පසුපෙළ මන්ත්‍රී 15 ක් පමණ රවිගේ සමයේ මුදල් අමාත්‍යාංශයෙන් දීමනා ලබා ඇතිබවද හෙලිවුවා.එම පිරිස අදටත් ඔහුගේ පදයට නටමින් සිටින බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!