Breaking News
Home / දේශීය පුවත් / “මහපාරේ දඟ කලාට අහිංසකයි මගේ හිත” කියලා ගහගෙන කොන්දොස්තර එලවලා පෙරලපු මාරක බස් අනතුර

“මහපාරේ දඟ කලාට අහිංසකයි මගේ හිත” කියලා ගහගෙන කොන්දොස්තර එලවලා පෙරලපු මාරක බස් අනතුර

මාතර – ඌරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අද (23) අලුයම අනතුරක් සිදුවූ අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු මියගියා .

බස් රථයේ ගමන්කළ මගීන් 44 දෙනෙකු අනතුර හේතුවෙන් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කොට ඇති අතර තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනු ලබනවා.

අනතුරෙන් රෝහල් ගත කර සිටින බස් රථයේ ඉදිරිපස ගමන් කල අයෙක් ප්‍රකාශ කොට තිබුනේ – ” අනතුර සිදුවන විට බස් රථය පදවා තිබුනේ රිය සහයකයා බවත්
ඔහු එක් අතකින් බස් රථයේ සවිකර තිබූ TV යන්ත්‍රයේ වෙනස් කිරිමක් සිදු කිරීමට උත්සාහ ගත් බවත් ඒ වනවිට ඉදිරිපසින් පැමිණි කුඩා ලොරි රථයක් බස් රථයේ ගැටීමෙන් බේරාගැනීම සදහා ගත් උත්සාහයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට ගමන්කොට ඇලකට ( දොඩම්ගහ ඇල ) පෙරළී ගිය බවයි.

කෙසේ වෙතත් බස් රථයේ පිටුපස ” මහපාරේ දග කලාට …. අහිංසකයි මගෙ හිත ” යනුවෙන් ස්ටිකරයක් අලවා තිබෙන ආකාරය දක්නට ලැබුනා.

“ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට” මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තාබා ගැනීමට උපකාරීවනු පිනිස බලකරනු ලැබේ.

Image may contain: outdoor

Image may contain: tree and outdoor

Image may contain: outdoor

Image may contain: outdoor

Image may contain: 1 person, outdoor

Image may contain: outdoor

Image may contain: outdoor

Image may contain: outdoor

Image may contain: outdoor and nature

Image may contain: outdoor

Image may contain: outdoor and nature

Image may contain: outdoor

Image may contain: outdoor

 

About article14_2

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!