Breaking News
Home / දේශීය පුවත් / මහනුවර සිට හම්බන්තොට දක්වා නව මාර්ග පද්ධතියක් ඉදිවන අතර හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල සමග කර්මාන්තපුර 5 ක සැලැස්මක්

මහනුවර සිට හම්බන්තොට දක්වා නව මාර්ග පද්ධතියක් ඉදිවන අතර හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල සමග කර්මාන්තපුර 5 ක සැලැස්මක්

1995 දී චන්ද්‍රිකා ආණ්ඩුවට සමෘධි ව්‍යාපාරය සාර්ථක කරගත හැකිවුයේ 1977 සිට ශක්තිමත් ආර්ථිකයක් රටේ හදා තිබු නිසා බව අගමැති රනිල් (15) මාතලේදී සමෘධි සහනාධාර බෙදා දීමේ උත්සවයකට සහභාගිවෙමින්.

එහිදී පවුල් 5400 කට සහනාධාර ලබා දී තිබෙනවා. යහපාලන ආණ්ඩුවෙන් සමෘධිය දෙගුණ කල අතර 1995 න පසු එක වර විශාල පිරිසකට සමෘධි ලබා දෙන්නේ මේ අවස්ථාවේ බව අගමැති පවසා සිටියා. 77 – 95 කාලය තුල එජාප ආණ්ඩුව ඇගලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, කර්මාන්තපුර හා මහවැලිය වැනි දැවැන්ත ක්‍රියාමාර්ග නිසා 95 පොදු පෙරමුණ ආණ්ඩුවට ඕනෑම වැඩක් කිරීමට මුදල් තිබු බව ඔහු පවසනවා.

එහෙත් 2015 දී තමන් ආණ්ඩුව බාරගන්නා විට එවැනි යහපත් ආර්ථික තත්වයක් රටට උදා කර නොතිබූ බවත් විශාල නය කන්දක හිර වි සිටි නිසා පසුගිය කාලය අමාරුවෙන් ගත කිරීමට හේතුව වශයෙන් අගමැති වරයා පැහැදිලි කරනවා. ඒ වන විට ගත නය ප්‍රමාණයේ පොලිය ගෙවීමටවත් රජයේ ආදායම මදි වූ බවයි ඔහු පවසන්නේ.

ඒ අතර බදු වැඩි කිරීමට සිදුවුයේ මේ හේතුව නිසා බවත් එයින් රජය අපකිරිතියට පත්වී පරාජය වූ බවත් නමුත් මේ වන විට ආර්ථිකය හරි මාවතකට ගෙන ඒමට සමත්ව ඇති බවත් පවසනවා. ගංවතුර ගිනිගැනීම් කුනුකදු කඩා වැටීම් පොල් හාල් මිල ඉහල යාම් හා අනෙකුත් වැළක්විය නොහැකි ප්‍රශ්නද පැමිණි නිසා රජය අපකීර්තියට ලක්වූ බව අගමැති මාතලේදී ප්‍රකාශ කර සිටියා.

මේ වසරේදී ඩොලර් මිලියන 4000 ක් නය ගෙවීමට ඇති බවත් 2019 පසු එය අඩුවන බවත් සදහන්. මහනුවර සිට හම්බන්තොට දක්වා මාර්ග පද්දතියක් මේ වන විට ඉදිවෙමින් පවතින බවත් ඒ අතර කර්මාන්ත කලාප 5 ක් ඇතිකිරීමටත් යන බව පවසනවා. ඒ හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපලද ඉලක්ක කරමින්. මේ වන විට මාතර කතරගම දුම්රිය මාරගයද බෙලිඅත්ත දක්වා නිමවී ඇතිබවද පවසා සිටියා.

2025 වන විට නය වාරික අඩුකර විදේශ විනිමය ආදායම වැඩිකර ගැනීමේ සැලැස්ම අනුව නුවර හම්බන්තොට මාර්ග පද්දතිය කර්මාන්ත පුර ඉදිකිරිම හා හම්බන්තොට වරාය හා ගුවන්තොට සංවර්ධනය වන බවද පවසනවා.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!