Breaking News
Home / දේශීය පුවත් / මහනුවර සාමාන්‍ය අතට. භික්ෂුන් වහන්සේලා හා සිංහල ප්‍රජාව මුස්ලිම් ප්‍රජාව සමග එකතුවී කඩාකප්පල් කාරින්ට එරෙහිවේ

මහනුවර සාමාන්‍ය අතට. භික්ෂුන් වහන්සේලා හා සිංහල ප්‍රජාව මුස්ලිම් ප්‍රජාව සමග එකතුවී කඩාකප්පල් කාරින්ට එරෙහිවේ

ගෙවීගිය පැය 24ක කාලයක් තුළදී වාර්තාවූ සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට මහනුවර තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

පොලිසිය පෙන්වාදෙන පරිදි දිවයිනේ අනෙකුත් තැන්වල සුළු සිදුවීම් කිහිපයක් වාර්තාවුවද සමස්තයක් ලෙස පවතින්නේ සාමකාමී බවකි.

මහනුවර ජනතාව සිය එදිනෙදා කටයුතුවල යෙදෙන අතර පසුගියදා හටගත් සිදුවීම්වලින් පීඩාවට පත්වූවන් සිය දේපළවලට වූ හානිය සොයාබැලීම සඳහා මගට බැස ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

සබැඳි තොරතුරු:

‘මහසෝන් බලකායේ’ ප්‍රධානියා අත්අඩංගුවට
“මහනුවර සන්සුන්”
මහනුවර ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා “හුදෙකලා සිදුවීමක් නොවෙයි”
ගැටුම් අතර දුටු මිනිසත්කම
සමාජ මාධ්‍යජාල අවහිර කෙරේ

මේ අතර, දිගන ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට ගිනිතැබීම හේතුවෙන් සිකුරාදා (මාර්තු 09) යාඥාව සඳහා ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් තෝරාගෙන තිබේ. දැඩි හමුදා රැකවරණ මැද ඒ සඳහා ක්‍රීඩා පිටිය සකසන අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

පොලිසිය පවසා තිබුණේ පැය 24 ක කාලය දී ප්‍රදේශ ගණනාවක කළ සෝදිසි මෙහෙයුම්වලදී පැට්‍රොල් බෝම්බ 20 ට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවය.

මේ අතර ගෙලිඔය ඇතුළු ප්‍රදේශ ගණනාවක බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල ප්‍රජාව එක්ව අදාළ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඇතුළු ඔවුන්ගේ දෙපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගතවූ බවට ද තොරතුරු වාර්තා විය.

පීඩාවට පත්වූවන් සිය දේපළවලට වූ හානිය සොයාබැලීම

පාසල් බිමක් සිකුරාදා යාඥාවට සකසමින්

හමුදා රැකවරණ

දේපළවලට වූ හානිය සොයාබැලීම

දේපළවලට වූ හානිය සොයාබැලීම

දේපළවලට වූ හානිය සොයාබැලීම

About lanka

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!