Breaking News
Home / දේශීය පුවත් / මසාජ් කරනවා කියලා කොල්ලුපිටියෙ කරගෙන ගිය ගැණු විකුණන සුපිරි පොට් එක

මසාජ් කරනවා කියලා කොල්ලුපිටියෙ කරගෙන ගිය ගැණු විකුණන සුපිරි පොට් එක

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක්, කොල්ලුපිටිය පොලිසිය විසින් වටලා තිබෙනවා.

මෙම වැටලීමේදී එම ස්ථානය පවත්වාගෙන යාමට අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු සහ ගණිකා සේවයේ නියැලුණු කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තායිලන්ත කාන්තාවන් තිදෙනෙකු සහ මෙරට කාන්තාවන් 07දෙනෙකු සිටින බවයි.

අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් 29,36,46 යන වයස්වල පසුවන්න තැනැත්තියන් වන අතර සෙසු පිරිස 20,21,22,24,27,28,40 යන වයස් වල පසුවන්නන් බව සඳහන්.

මොවුන් පිළියන්දල, අනුරාධපුර, කළුබෝවිල, ගාල්ල, දෙල්ගොඩ, කඩවත, බිබිල සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!