Breaking News
Home / දේශීය පුවත් / මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරු පළමු වරට රටේ රාජ්‍ය නායකයා හමුවීම ප්‍රතික්ෂේප කරලා. සිද්දිය හෙළිවීම වලක්වන්න මාධ්‍යට උපදෙස් දීලා

මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරු පළමු වරට රටේ රාජ්‍ය නායකයා හමුවීම ප්‍රතික්ෂේප කරලා. සිද්දිය හෙළිවීම වලක්වන්න මාධ්‍යට උපදෙස් දීලා

දළදා වහන්සේගේ භාරකාර මහ නායක හිමි දෙපොළ විසින් රටේ රාජ්‍යත්වය භාර රජු හෙවත් පාළකයාට තමන් වහන්සේලා බැහැදැකීමට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (10) වන මහින්ද අමරවීර නමැත්තා සමග සිරිසේන ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවීමට මල්වතු විහාරයට ගොස් තිබේ. එහිමියන් ඇතුළු කුටියේ වැඩ විසූ නමුත් ජනාධිපති හමුවීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බව ලේඛකාධිකාරී හිමියන් විසින් ගමරාළට දන්වා ඔහු පිටව යෑමෙන් පසු පිටත ද්වාරය ඉබි යතුරා ලා වසන්නැයි එහි සිටින ආරක්ෂක පොලිස් නිලධාරියාට උපදෙස් දී තිබේ.

අපහසුතාවයට පත්වූ ඔවුන් ඉන්පසු අස්ගිරි විහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නා හිමියන් හමුවීමට උත්සාහ කර තිබේ. ඒ වන විටත් මල්වතු මහ නා හිමියන් මොවුන් හමුවීම ප්‍රතික්ෂේප කළ බව අස්ගිරි මහ නා හිමියන්ට දැන ගන්නට ලැබී තිබූ අතර එහිමියන්ද මොවුන් හමුවීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ලේඛකාධිකාරී හිමිවරුන් අමතා පසුදින එනම් අද හමුවක් ලබා ගත හැකි දැයි විමසා ඇති අතර අද දිනයේද හමුවිය නොහැකි බව දන්වා තිබේ.

දළදා වහන්සේ භාරකාර මහානායක හිමිවරුන් සම්ප්‍රදායාණුකූලව මෙලෙස ක්‍රියා කරන්නේ අදාල රජු හෝ පාළකයා හෝ ලංකාවේ රාජ්‍යයේ සතුරෙකු හෝ රාජ්‍යයට ද්‍රෝහී වූ පුද්ගලයෙකු නම් පමණක් බවයි පොත් පත් වල සදහන් වන්නේ.

මහ නායක හිමිවරුන් රටේ සකළ බෞද්ධ ජනතාවට මෙයින් අඟවා සිටින්නේ කුමක්දැයි අප නොදන්නා අතර එසේ ලංකාවේ රාජ්‍ය නායකයෙක්ට සිදුවූ පළමු සිද්දිය මෙයයි.

එසේම මෙම පුවත ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවි වල පමණක් පළවූ අතර මාධ්‍යට මෙය හෙලිකිරීම වාරණය කර ඇත. එසේම කිසිදු සිංහල වෙබ් අඩවියක් මේ පුවත වාර්තා නොකළේ තහවුරු කර ගැනීම අපහසු වූ නිසා විය හැක. නමුත් එසේ සිද්දිය සිදුවී ඇති බව අද තහවුරු වී තිබේ

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!