Breaking News
Home / ක්‍රිඩා / මලල ක්‍රීඩා ශූරියට තරග නොදී පලිගන්න බලධාරියා කවුද? ක්‍රීඩා ඇමතියා බුදිද? රටේ අසාධාරණකම් ඉතිරීයයි

මලල ක්‍රීඩා ශූරියට තරග නොදී පලිගන්න බලධාරියා කවුද? ක්‍රීඩා ඇමතියා බුදිද? රටේ අසාධාරණකම් ඉතිරීයයි

අන්තර්ජාලයේ සටහන් වූ සටහනක් සහ වීඩියෝවක් පල කිරීමට අපත් සිතුවේ මේ රටේ අපටද ඔබටද මෙවැනි අසාධාරණකම් අඩු වැඩි වශයෙන් කෙදිනක් හෝ සිඩ්ගුවී ඇති නිසයි. මහා ලොකුවට දේශප්‍රේමි ටෝක් දී පර සුද්දා කියන සුද්දන්ගේ රටවල් වල මෙවන් අසාධාරණකම් සිදුවූවොත් එය කරන්නාවුන් හිරේ විලංගුවේ වැටී වන්දි පවා ගෙවීමට සිදුවෙයි. විශේෂයෙන් කාන්තාවකට වචනයකින් හෝ පීඩාවක් කලහොත් ඔහු ගස් යයි. එසේ නොවන බලය මත වැජබෙන ලංකාව වැනි තුප්පහි රටක දිවි නසා ගැනීමෙන් ලෝකයේ පලවෙනියට පැමිනීම පුදුමයකට කරුණක් නොවෙයි.

මේ මලල ක්‍රීඩා ශූරිය මානසික අසහනයෙන් දිවියට යම් දෙයක් කරගතහොත් එයට මෝඩයා බූරුවා කියමින් පොර ටෝක් දීමට දර්ශනවාදීන් අනන්තය. එහෙත් මෙසේ අසාධාරණකම් වලට අතේ ඇති දුරකථනයෙන් පටිගත කර රට කන උන් සමාජයේ ලැජ්ජා කිරීමට හෝ සමාජ ජාලා වලට දමන්න. එය රටේ මහා එකාටද අදාට වේ. එසේ නොමැතිව අප වැනි ගොබ්බ රටක යුක්තිය සාධාරණය බලාපොරොත්තු විය නොහැක.

මලල ක්‍රීඩා ශූරිය වෙනුවෙන් අන්තර්ජාලයේ තිබූ සටහන හා වීඩියෝව පහතින්

ලංකාව සිය දිවි නසා ගැනීම අතින් අංක එකය. එහෙම කරගන්න අයට මුන් මහා මෝඩයො කියා අපි බනියි. නැත්නම් හොර ගෑනියෙක් හෝ මිනිහෙක් එයට සම්බන්ධ ඇති යයි චෝදනා කරයි. මෙයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ රටේ සිස්ටම් එකයි. මිනිස්සුන්ව ඔසවා තැබීම වෙනුවට පුලුවන් තරම් පීඩාවට පත් කරයි. මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්‍රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.
පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත්
මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත.
අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත.
ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත.
දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත.
අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි.

About article14

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!