Breaking News
Home / Video / මලක් වගේ අහිංසක දැරිය රවටාගෙන ගොස් දූෂණයකල පාපතරයෙක් නිසා පකිස්ථානය උණුසුම් පොලිසිය සමග ගැටුම්

මලක් වගේ අහිංසක දැරිය රවටාගෙන ගොස් දූෂණයකල පාපතරයෙක් නිසා පකිස්ථානය උණුසුම් පොලිසිය සමග ගැටුම්

දැරියක් දූෂණය කොට ඝාතනය කිරීම පාකිස්තානය කළඹයි – දැරිය රැගෙන යන වීඩියෝව මෙන්න

දරුවන් ඝාතනය කිරීමේ “අපරාධ රැල්ලක්” මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවලදී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරුමුවට පත්විය.

දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර අඟහරුවාදා (ජනවාරි 09) දින කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවිය. ඒ වන විට ඇය අතුරුදහන් වී දින කිහිපයක් ගතවී තිබුණි.

සෙනබ් දැරිය අතුරුදහන්ව තිබුනේ ඇය කුරාණය කියවීමට යමින් සිටියදීය. ඉන් පසුව අඟහරුවාදා ඇගේ සිරුර හමුවුනේ නිවසට කිලෝමීටර දෙකක් පමණ දුරකිනි.

දැරිය අතුරුදහන් බව පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බව සෙනබ්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති. එසේම, දැරිය ගමන්ගත් මාර්ගයේ ඇති සීසීටීවී (CCTV) දර්ශන පවා රැස්කර තිබුනේ පොලීසිය නොව ඇගේ ඥාතීන් විසිනි.

දැරිය පුද්ගලයෙක් අතින් අල්ලාගෙන රැගෙන යන ආකාරය සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය විය.

“පොලීසිය ක්ෂණික පියවර ගත්තේ නම් වරදකරු අත් අඩංගුවට ගැනීමට තිබුනා” සෞදි අරාබියේ වන්දනාවක නිරතව සිටි සෙනබ්ගේ පියා ඉස්ලාමාබාද්වෙත නැවත පැමිණීමෙන් අනතුරුව Geo TV වෙත පැවසීය.

About lanka

Check Also

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් තරගය 20 20 ජයග්‍රාහී තරගයේ විශේෂ අවස්ථා බලන්න

තරගයේ විශේෂ අවස්ථා බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!