සිරිසේන ජනාධිපති ඇති කර ඇති දේශපාලන අර්බුධයේ අලුතම කතාව වන්නේ නිදහස් පක්ශයේ අගමැතිවරයෙක් යන්නයි.
ඊයේ(14) දිනයේ ජනාධිපති නිල නිවසේ කෑම බීම දී තම මන්ත්‍රි කණ්ඩායමෙන් විමසා ඇත්තේ මහින්ද සමග හෝ එකතුවී කෙසේද ආණ්ඩුවක් පිහිටවාගන්නේ යන්නයි. එහෙත් එයට විජයමුනි, අමුනුගම, පයිසර්, දුමින්ද, වැනි අය විරුද්ධ වී ඇති අතර මහින්ද සමග ඩීල් දැමීමට තිලංග සුමතිපාල සූදානම් බව ඔහු පවසා තිබෙනවා.
විජයමුනි පවසා ඇත්තේ කාපුවා ආපහු වැමැරිය නොහැකි බවයි. ඉන් පසු කණ්ඩායම දෙපිල බෙදී කාලගෝට්ටියක් ඇතිකරගත් නිසා ඕන එකක් කරගන්නවා යනුවෙන් පවසා සිරිසේන පිටව ගොස් ඇත.
එජාප පාර්ශවයෙන් නව කැබිනට්ටුව පිහිටවීමට කැමති වුවත් දින ගනනක සිට කල් මරන්නේ සිරිසේනයි. ඒ රනිල් එලවීමේ එකම අරමුණ වන නිසා. රනිල් නැතිව පොල් ලෙල්ලකට හෝ සිරිසේන එකග වී ඇත. ඒම තත්වය උඩ ඊයේ රනිල් පවසා ඇත්තේ ” මම තවමත් අගමැති පුළුවන්නම් සිකුරාදා වෙනකොට බහුතර පෙන්නන්න” යයි කියා අභියෝගයක් කර පිටව යාමයි.
මේ වන විට පොහොට්ටු හා නිදහස් පක්ෂ එකතු කලත් මන්ත්‍රිවරු 96 පමනක් සිටින අතර එජාපයෙන් 18 ක් ගලවා ගත යුතුයි. එම කාර්යට පත් කර ඇත්තේ කාලයක් මෛත්‍රි සෙවනේ සිටින එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී අතුරුලියේ රතනයි. වටෙන් ගොඩෙන් බිලී බාන්නට කතා කල එජාප සමහර මන්ත්‍රි වරුන්ගෙන් හොඳ කුනුහරප අසාගෙන ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.
ප්‍රාදේශිය සභාවක මැතිවරණයක් නිසා අගමැතිවරයෙක් වෙනස් කිරිමේ පූර්වාදර්ශයක් දීමට සිරිසේන මේ වන විට උත්සහ කරමින් සිටින්නේ වටේ සිටින කේවට්ට මාධ්‍යයේ ආශිර්වාදයෙනි. අද මේ රටේ වක්‍ර පාලකයා වී ඇත්තේ කිලි මහාරාජා බව දැන් ප්‍රසිද්ධ රහසකි.
පසුගිය 10 වනදා සිට රට අස්ථාවරය. ආර්ථිකය මෙයින් බිද වැටී ඇත. එහෙත් සිරිසේන තමන්ගේ අරමුණ වෙනුවෙන් කල් මරමින් සිටි. මොහු රටට අවංකවම ආදරයද තමන් තමන්ටවත් ආදරයද යන්න නම් කාලය විසින් අපට දෛවයේ සරදන් කරන දිනක පෙන්නුම් කරනු ඇති.