Breaking News
Home / දේශීය පුවත් / මම ඔයාගෙ කකුලෙන් ඇද්දද රනිල් අසද්දී නැ සර් මන් හිතන්නෑ සජිත් කියයි

මම ඔයාගෙ කකුලෙන් ඇද්දද රනිල් අසද්දී නැ සර් මන් හිතන්නෑ සජිත් කියයි

සජිත් බලහත්කාරෙන් අපේක්ෂකත්වය ලබාගන්න විට රනිල් සැලසුම් කර ඇත්තේ දැවැන්ත සන්ධානයක් නිර්මාණය කර කරු අපේක්ෂකයා කර ජවිපෙ සහයද ලබාගෙන දැවැන්ත ව්‍යාපාරයක් නිර්මානයටයි. එය වැලක්වීමට බැසිල්ගේ පදේට නටන එජාපයේ කිහිප දෙනකු එය කඩාකප්පල් කර සජිත් අපේක්ෂකත්වයට ගෙන ඒමට කටයුතු කර අද අත්වූ ඉරණම අත් කරගෙන ඇත. තවත් මට්ටු නොවූ සිගිති පුත්‍රයා දේශපාලනෙන් සමුගැනීමට තීරණය කර තිබියදී එක එකාගේ ඉත්තෙක් වෙමින් පිරිහෙමින් සිටි.

රනිල් මේ පාර්ලිමේන්තුවෙන් පසු සමුගැනීමට සුදානම් අතර වසර 25 පක්ෂය රැක්කා මෙන් රැකිය හැකි නායකයකුට ලබා දී පක්ෂයෙන් නික්මීමට සුදානමක් ඇති බවයි සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ. පෞර්ෂත්වයක් නොමැති පරාජය වූ පසු අරයා තමයි මන් නෙවෙයි යනුවෙන් බබෙක් මෙන් හැසිරෙන්නෙකුට පක්ෂය ලබා දුනහොත් වසර 71 ක පක්ෂය නිදහස් පක්ෂය මෙන්ම තව වසර 5 ඇතුලත දියවී යැම අනිවාර්ය බවයි එජාප ජෙෂ්ටයන්ගේ අදහස වන්නේ.

කෙසේ වෙතත් සජිත්ගේ කලමානකරු තිස්ස පවසන්නේ එජාපය හැර දමා ලක්ෂ 55 ට හරියන නව පක්ෂයක් බිහි කරන බවයි. එනම් TNA, මුස්ලිම් කොන්ග්‍රස්, බදුර්දීන් රාඩා ක්‍රිෂ්ණා, දිගම්බරන්, මනෝගේ පක්ෂ වල චන්දද ඔවුන් විසින් ගන්නා බවයි එයින් කියවෙන්නේ. එය තිස්සගේ ජනපතිවරණ කැම්පේන් එක මෙන් අසාර්ථක තක්සේරුවකි. 2000 පාර්ලිමේන්තු පැමිණ 2005 දී පියා ප්‍රේමදාස නිසා තමාට නායක කම අවශ්‍ය යයි සජිත් කැරලි ගැසීම ආරම්භ කරන්නේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් යන්තම් අවුරුදු 5 පිරුන තැනයි. එදා සිට විවිධ කල්ලි සමග අවුරුදු 15 කැරලි ගසා එජාප චන්ද පදනම 15% – 20% කින් බස්සවා ඇත. කැරලි ගැසූ වැඩි හරියක් දැන් සිටින්නේ මහින්ද සමගයි. ඒ සජිත් විසින් ඔහුට වඩා ජේෂ්ඨන් එලවා දැමීමේ කුමන්ත්‍රය මතයි.

එජාපය හැරගොස් එජාපයට විශාල ලෙස මාධ්‍ය මගින් මෙන්ම තිරය පසුපස හා එළිපිට ප්‍රහාර එල්ල කල තිස්ස අත්තනායක, ශිරාල් ලක්තිලක, සිරස, මෛත්‍රී ගුණරතන, කිර්ති තෙන්නකෝන් වැන්න වුන් මේ වන විට සජිත්ගේ නැට්ටේ එල්ලී එජාපයට රින්ගිමට සිහින මවමින් සිටින්නේ අපේක්ෂකත්වය රැගෙන ජනපති වූ පසු තනතුරු බෙදාගැනීමට දැගලු ආකාරයටම වෙයි. තිස්ස සිටින්නේ නැවත මහාලේකම් වීමටයි.

මැතිවරණයේදී සියලු මුල්‍ය පරිපාලනය කර ඇත්තේ තිස්ස හා සජිත්ගේ බිරිද වෙයි. මැතිවරණ කළමනාකරු තිස්සයි. සජිත්ගේ සමීපතම පුද්ගලයන් කිහිප දෙනෙක් මෙම මැතිවරණයේ තීරණ ගත් අතර සිරිකොත හෝ වෙනත් බුද්ධිමත් කොටස් වල කිසිදු උපදෙසක් ලබාගත්තේ නැති බවයි වාර්තා වන්නේ. එසේම සමාජ මාධ්‍ය මෙහෙයවීමට ඉන්දියාවෙන් කණ්ඩායමක් ගෙනා අතර ඔවුන්ට ලංකාවේ ජන මනස හදුනා ගැනීමට නොහැකි වූ නිසා මගදී එලවා දැමිණි.

එලවා දැමීමෙන් පසු එජාප රහස් එළිවෙයයි බියෙන් අගමැති වරයා ඔවුන් නැවත කැදවා අවසන් සතියේ ලංකාවේ නතර කරවා තිබේ. ඉන් පසු ලංකාවේ ප්‍රසිද්ධ වෙළද දැන්වීම් ආයතනයකට කෝටි ගණනක් දී ඔවුන්ට අවශ්‍ය සමාජ මාධ්‍ය පිටු හරහා ප්‍රචාරණ කර ඇති අතර පක්ෂයට වැඩ කල කිසිවකු මේ පිරිස් සතේකට මායිම් කර නැත. සිරිකොත සිට එජාප අපේක්ෂකයා කටයුතු කලත් වෙනම ගේමක් ගැසීමට සජිත්ගේ පිල සුදානම් වූ නිසා වොක්ෂ්වෝල් විදියේ ස්ථානයක සියලු මෙහෙයුම් කිරීමට ඔවුන් තීරණය කර පවත්වාගෙන ගොස් ඇත. එහෙත් මුළු මැතිවරණයම සංවිධානය අතින් පසුගිය මැතිවරණයට සාපේක්ෂය අතිෂ දුර්වල එකක් බව සජිත් පිලද පිළිගත්තද පරාජය වෙන එකකු පිට පටවා පක්ෂය හයිජැක් කිරිමට අවශ්‍ය නිසා සගවාගෙන සිටි.

කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරයේදී මම ඔබේ කකුලෙන් ඇද්දාද රනිල් අවසන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සජිත්ගේ මුහුණටම ඇසු අතර එහිදී සජිත් ප්‍රේමදාස ‘නැහැ සර් මගේ කකුලෙන් ඇද්දා කියා මා හිතන්නේ නැහැ’ යයි සජිත් සියලු මන්ත්‍රිවරු ඉදිරියේ කියා ඇත. එහෙත් ජනපති අපේක්ෂකත්වය හයිජැක් කිරීමේ අවස්ථාවේ මෙන්ම එලියට පැමිණ වෙන එකක් කියමින් පිරිස සමග වීරයා වෙයි. මෙවන් දෙපිටකාට්ටු චිත්ත ලක්ෂණ ඇත්තෙක්ට නායකයෙක් විය හැකිද යන්න විචාරකයන්ගේ ප්‍රශ්නයයි.

එසේම පරාජයෙන් පසු පාක්ෂිකයන් ගුටි කන බව දන්වා මන්ත්‍රීවරු හා කාර්යමණ්ඩලය නිවසට ගියද ඔහු මුණගැසීමට නොහැකි බව දන්වා ගෙදර දොර වසාගෙන දින 3 ක් සැගවී සිට තිබෙනවා. පසු මහලේකම් අකිල පොලිසියෙන් ඉල්ලීම් කර නායක රනිල් ජනාධිපතිට කතාකොට ආරක්ෂාව ලබා දෙන්නයි ඉල්ලා තිබෙනවා. මෙවර මැතිවරණයේ දකුනෙන් එජාපය හේදී ගිය ආකාරය මෙසේ ප්‍රතිපල විශ්ලේෂනයෙන් වටහාගත හැකි.

සිංහල බෞද්ධ පදනම හා දකුණේ චන්ද පදනම 2005 දී එජාප අපේක්ෂක රනිල් විසින් ප්‍රතිශතයක් ලෙස 48% ක් ලබාගෙන තිබේ. එහිදී උතුර නැගෙනහිර චන්ද වැටුනේ 2 ක් පමණි. මහින්ද හා රනිල්ගේ තරගය තිබුනේ දකුණේය. එහෙත් මෙවර යාපනයෙන් 313000 ක් වන්නියෙන් 175000 ක් මඩකලපුවෙන් 238000 ක් ත්‍රිකුණාමලයෙන් 166000 ක් අම්පාරෙන් 259000 ක් පැහැදිලිව දෙමල හා මුස්ලිම් ජනතාව වාසය කරන දිස්ත්‍රික්ක වලින් ලබා ගත්තා. මෙහි ත්‍රිකුණාමලය අම්පාර යන දිස්ත්‍රික්ක වල සිංහල ජනතාව සිටින නිසා ඔවුන්ගේ ප්‍රතිශතය 60% – 65% ලෙස ගතහොත් සජිත් ප්‍රේමදාසට ඒ දිස්ත්‍රික්ක දෙකෙන් ලක්ෂ 3 ක ප්‍රමාණයක් ලැබී ඇත.

යාපනය වන්නි මඩකලපුව යන දිස්ත්‍රික් එකතුව 726000 කි. එයට ලක්ෂ 3 එක් කල විට මිලියනය ඉක්මවයි. එසේම නුවර එලිය දිස්ත්‍රික්කය බහුතරය දෙමල වතු ජනතාව වෙයි. එහි සජිත්ට 278000 ක ප්‍රමාණයක් ලැබී ඇති අතර හැටන් මස්කෙළිය වතු කම්කරුවන්ගේ ආසනයක් වන එයින් 175000 ක චන්ද ප්‍රමාණයක් ලැබී ඇත.

මෙහි 225000 ට ආසන්න ප්‍රමාණයක් වතු චන්ද ලැබී ඇති අතර එවිට සුළු ජාතික චන්ද එකතුව මිලියන 1.25 පමණ වෙයි තවද පුත්තලම ආසනයේ පමණක් චන්ද 76000 ක් ලැබී ඇත. දිස්ත්‍රික් ප්‍රතිපලය සජිත් 199000 ලබාගෙන ඇත. එයින් 100000 ක් ලෙස සුළු ජාතික චන්ද ලෙස ගතහොත් දැනට එකතුව මිලියන 1.35 ට වැඩි වෙයි

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ වතු චන්ද තිබෙන දිස්ත්‍රික්කයකි. එහි පස්සර ජය සජිත්ට ලැබූ අතර එය 28000 කි. හපුතලේ 29000 කි හාලි ඇල 28000 කි බණ්ඩාරවෙල 32000 කි. මේ බහුතරය වතු චන්ද වෙයි. සමස්ත ප්‍රතිපලය 251000 කි. එනිසා මෙහි 150000 ආසන්න ප්‍රමාණයක් දෙමල හා මුස්ලිම් වැසියන්ගේ චන්ද ප්‍රමානයක් වේ. එවිට සජිත්ට මෙතෙක් මිලියන 1.6 ක් සුළු ජාතික චන්ද ලැබී ඇත.

කොලබින් 560000 ආසන්න ප්‍රමාණයක් සජිත් ලබාගත් අතර සුළු ජාතින් බහුතරයක් වෙසෙන මැද කොලබ 80000 ලබාගත්තේය. මුස්ලිම් ජාතිකයින් හා දෙමල බහුතරයක් ඇති කොලොන්නාව කොලබ උතුර බටහිර ආසන වලද සැලකිය යුතු ප්‍රමාණයක් සජිත්ට ලැබී ඇත්තේ සුළුජාතික චන්ද වෙයි. මේ ප්‍රතිපලයෙන් ලක්ෂ 3 ක පමණ ප්‍රමාණයක් සුළු ජාතික චන්ද වේ. එවිට මිලියන 1.9 සුළු ජාතික චන්ද වේ.

මාතලේද වතු කම්කරු හා සුළුජාතික චන්ද ඇති අතර එයින් සජිත් 134000 ලබා ඇත. මෙයින් අඩක් ගතහොත් 60000 ක් පමණ රත්නපුර වතුකම්කරු හා මුස්ලිම් ජාතිකයින් ඇති අතර සජිත් 264000 ලබා තිබෙනවා. එයින් ලක්ෂයක් පමණ ගෙන කෑගල්ලෙන් මාවනැල්ල වැනි ප්‍රදේශ සජිත් ජයගන්නේ සුළු ජාතික චන්ද මතයි. 228000 ක මුළු චන්ද ප්‍රමාණයෙන් 30% ක් ගතහොත් ආසන්න වශයෙන් 70000 ක් ගත හැකි. මිලියන 2.13 ආසන්න වශයෙන් සජිත්ගේ ගොඩෙන් සිංහල යන කොටස ඉවත්වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 417000 සජිත් ලබාගෙන ඇත. එයින් 30% සුළු ජාතික චන්ද ලෙස ගතහොත් 125000 පමණ වෙයි. එවිට ලක්ෂ 22.5 පමණ වන අතර අනෙක් සියලුම දිස්ත්‍රික්ක වල එකතුව සමග සිංහල බෞද්ධ හා සිංහල ක්‍රිස්තියානි හැර ලක්ෂ 25 ක ප්‍රමාණයක් දල වශයෙන් ලක්ෂ 55 න් ඉවත් කර හැකි. එය තවත් වැඩි විය හැකි.

කෙසේ වෙතත් එවිට සමස්තයක් ලෙස ගත් විට සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇත්තේ ලක්ෂ 30 වැනි චන්ද ප්‍රමාණයකි. එය ප්‍රතිශතයක් ලෙස 22% කි. ඒ සිංහල බෞද්ධ හා සිංහල ක්‍රිස්තියානි ගොඩට ගත හැකිය. උතුරු නැගෙනහිර ඉවත් කර චන්ද ප්‍රමාණය ලක්ෂ 11.5 ක ප්‍රමාණයක් වෙයි. එවිට 2005 අවසන් එජාප අපේක්ෂකයාට සාපේක්ෂව සජිත් ලබාගෙන ඇත්තේ ලංකාවෙන්ම 33% කි. චන්ද ප්‍රමාණය වැඩි යයි තර්කයක් මතු කරන අතර එය බොලද එකක් වන්නේ ලියාපදිංචි චන්ද සහා ප්‍රකාශිත චන්ද සැම මැතිවරණයකින්ම වැඩි වන නිසයි. වැදගත් වන්නේ ප්‍රතිශතය පමණි. මෙවන් කිසිම සංවිධානාත්මක හැකියාවක් නැති පුද්ගලයකු පක්ෂයේ නායකයා වුවහොත් ලංකාවේ දේශපාලනයේ තනි පක්ෂයක් රජවී ඒකාධිපති පාලනයක් ස්ථාපිත වනු ඇති.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!