Breaking News
Home / දේශීය පුවත් / මනුෂගේ තීන්දුව සමග නැවත සිරිසේන මහින්ද පාර්ශවයේ අභ්‍යන්තර අවුලක් ඇමතිදුර ගත් පිරිසක් එජාපයට එකතුවීමේ සුදානමක්. දුමින්දත් කලකිරීමෙන්ලු

මනුෂගේ තීන්දුව සමග නැවත සිරිසේන මහින්ද පාර්ශවයේ අභ්‍යන්තර අවුලක් ඇමතිදුර ගත් පිරිසක් එජාපයට එකතුවීමේ සුදානමක්. දුමින්දත් කලකිරීමෙන්ලු

ඇමැතිධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මෛත්‍රී කණ්ඩායමේ මැති ඇමැතිවරු ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන තීරණයක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුව යළි කැදවන ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා පිළිබද සොයා බැලීමේ ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර මෙම දේශපාලන තීරණය ගැනීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂය සමග මෙම පිරිස ගණුදෙනු කරමින් සිටින අතර එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ කණ්ඩායමක් සිදුවූ දේශපාලන වෙනස්කම් පිළිබද කළකිරීමෙන් සිටින අතර නියෝජ්‍ය ඇමැතිධූරයක් ලබාගත් මනුෂ නානායක්කාර සිය අමාත්‍යධූරයෙන් පසුගියදා ඉවත් විය.

ඔහු ඉවත්වූ ආකාරයට අනෙක් ඇමැතිවරුද ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන තීන්දුවක් ගැනීම සදහා වන සාකච්ඡා තීරණාත්මක තැනකට පැමිණ තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මින් පෙර පොරොන්දු වී ඇත්තේ නඩු ඇති පුද්ගලයන් නිවැරදි කරුවන් වී නිදහස් වන තුරු ඔවුන්ට කැබිනට් ඇමතිකම් නොදී සිටිය යුතු යන කොන්දේසිය යහපාලනය සමග සිටි ඇමතිවරු කිහිපයක් යෝජනා කර තිබෙනවා. එයට මහින්ද සිරිසේන පාර්ශව එකග වුනත් විමල් විරවංශ ඇතුළු කිහිප දෙනෙක් මේ වන විට කැබිනට් ඇමතිකම් වල දිවුරා ඇති අතර ඉදිරියේ කිහිප දෙනෙක් දිවිරිමට නියමිත වීමත් මනුෂගේ තීන්දුව ගැනීමට පිරිසක් සුදානම් වන බවයි වාර්තා වන්නේ.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!