Breaking News
Home / ක්‍රිඩා / මන්ජෙකාර් අසිහියෙන් දොඩවයි. බංගලියන් ලංකාව සමග හොදින් ක්‍රීඩා කලබව කියමින් තම රටේම ලංකාව හමුවේ සුද්ද වූ බංගලියන් ප්‍රබල බව කියයි

මන්ජෙකාර් අසිහියෙන් දොඩවයි. බංගලියන් ලංකාව සමග හොදින් ක්‍රීඩා කලබව කියමින් තම රටේම ලංකාව හමුවේ සුද්ද වූ බංගලියන් ප්‍රබල බව කියයි

Image result for sanjay manjrekar

නිදහස් කුසලාන තරඟාවලියේ තරඟ තවමත් ආරම්භ නොවුවද මේ වන විටත් තරඟාවලියේ කුමක් වේවිද යන්න පිළිබඳව අනාවැකි කීහිපයක්ම නිකුත්වී තිබුන අතර මෙවැනි අනාවැකියක් ප්‍රකාශ කල ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයෙකු වන සන්ජේ මන්ජෙකාර් පවසා තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම පුදුමයට පත් කල හැකි බවය,නමුත් ඉන්දියාව පුදුමයට පත් කිරීමට පෙර මන්ජේකාර් පුදුමයට පත් කරමින් දික්වැල්ල නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇත.

මන්ජේකාර් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අනාවැකි කියා නතර වී නැති අතර ඔහු බංගලාදේශ කණ්ඩායම ගැනද අනාවැකියක් පවසා ඇත.නමුත් එම අනාවැකියද මන්ජෙකාර් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පළමු තරඟ කිහිපය පමණක් නරඹා දැයි සැක හිතෙන්නේ බංගලාදේශය මෙම තරඟාවලියට එකතු වන දෙවන ප්‍රබල කණ්ඩායම යයි අනාවැකියක් පල කිරීම නිසාය.

Image result for bangladesh cricket team lose

“බංගලාදේශ කණ්ඩායමට හොඳ අවස්තාවක් ලැබිල තියනවා තමන්ට කරන්න පුළුවන් දේ ලෝකයට පෙන්නන්න.මොකද අපි දන්නවා ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායමක් කියල.පහුගිය තරඟාවලියේත් අපි ඒ දේ ඔවුන්ගෙන් දැක්කා.ඔවුන්ගේ මානසික ශක්තිය හොඳ මට්ටමක තියා ගන්න එක තමයි මම හිතන්නේ අවශ්‍යම දේ.”

මන්ජෙකාර් පවසන්නේ ලෝක මට්ටමේ සිටින ක්‍රීඩකයන් සිටින බංගලාදේශ කණ්ඩායමට පහසුවෙන්ම මෙම තරඟාවලියේ දෙවන තැන ගැනීමට හැකියාවක් ඇති බව තමා සිතන බවය.

”බංගලාදේශ කණ්ඩායම බැලුවම ඔවුන්ට ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ඉන්නවා,මශ්තෆීර් රෙහෙමාන්,ෂකීබ් අල් හසන් වගේ ක්‍රීඩකයෝ කියන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ ,ඒ වගේම තමීම් කියන්නෙත් ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක්.බංගලාදේශය තමන්ගේ රටෙන් එළියේදී ක්‍රීඩා කරද්දී තව ගොඩක් හැදෙන්න ඕන කියල මම පිලිගන්නවා,ඒත් මේ තරඟාවලියේ ඉන්දියාවට පස්සේ හොඳ සටනක් දෙන්න පුළුවන් කණ්ඩායම විදියට මට බංගලාදේශය පේනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තම මවුබිමේදීම දරුණු පරාජයකට මුහුණ දුන් බංගලාදේශය ගැන මේ තරම් ඉහල විශ්වාසයක් දක්වන මන්ජෙකාර්ගේ විශ්වාසයට කුමන අකාරයේ සාධාරණයක් කරාවිද යන්න අපට තරඟාවලිය ආරම්භය සමඟ දැකගත හැකි වනු ඇත.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!