Breaking News
Home / දේශීය පුවත් / මධුශ්ලා ලංකාවට ගෙන ඒම ප්‍රශ්නයක්. 2009 මහින්ද ගිවිසුම අත්සන් කරලා නැ අමල් හා මදුෂ් කොකේන් ගත් බවට සැකයක්. රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර හිමි කාණ්ඩ 29 ක්

මධුශ්ලා ලංකාවට ගෙන ඒම ප්‍රශ්නයක්. 2009 මහින්ද ගිවිසුම අත්සන් කරලා නැ අමල් හා මදුෂ් කොකේන් ගත් බවට සැකයක්. රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර හිමි කාණ්ඩ 29 ක්

නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ අදාළ පිරිසේ සිටි ඇතැම් පිරිස් කොකේන් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. ඒ අතරට මාකදුරේ මදූෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරාද අයත් බවට වාර්තා පළ වනවා. මාකදුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිසගේ රුධිර පරීක්‍ෂණයක්ද සිදු කෙරුණා. ඒවායෙහි වාර්තා මේ දක්වා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැහැ. නිල නොවන වාර්තාවලට අනුව එහිදී අත්අඩංගුවට ගත් බහුතරය මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට රුධිර පරීක්‍ෂණයේදී තහවුරු වී තිබේ.ඔවුන් අල් රෆා සහ මුරකාබාද් යන පොලිස් ස්ථානවල රදවා සිටින බවටයි වාර්තා පළ වනවා. සිදුකරන පරීක්‍ෂණවලින් පසු ඔවුන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගනු ඇති. ඒවගේම තවැහැ ගැටළුවක් මේ වන විට මතුව තිබෙනවා.සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ් මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශී‍්‍ර ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමක් නොමැති බැවිනි. ඒ අනුව දැඩි රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීමකින් තොරව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.විදෙස් රටකදී අත්අඩංගුවට ගන්නා කිසියම් හෝ අපරාධකරුවෙකු ශී‍්‍ර ලංකාවට ලබාගැනීමේදී දෙරට අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට අත්සන් කර තිබීම වැදගත් කරුණක්. එහෙත් ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර එවැනි ගිවිසුමකට මෙතෙක් එළඹ නැහැ. කෙසේ වෙතත් 2008, 2009 කාලවකවානුවේදී අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමකට එළඹීමට ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කරමින් තිබුණා. ඒ, ජානක පි‍්‍රයන්ත බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේයි.

එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයක් පදනම් කර ගනිමින් අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුමක මෙම කරුණු ඇතුළත්ව තිබුණා.අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අමතරව අබුඩාබි තානාපති කාර්යාලයට හා අබෙල් අලි ප‍්‍රදේශයේ ජීවත් වන බෞද්ධ ජනතාව වෙනුවෙන් පන්සලක් ඉදිකිරීමට නිශ්චිත භූමියක් ලබාගැනීම යන කරුණුද ඔන් අරයිවල් වීසා ක‍්‍රමයක් පිළිබදවද එහි සදහන්ව තිබූ බවත් වාර්තා වෙනවා.කෙසේ වෙතත් අදාළ සංචාරය සිදු නොවීමත් සමග එම ගිවිසුමට අත්සන් තැබුණේ නැහැ. එහෙත් එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන් අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම සිදු නොකළ බව වැඩිදුරටත් වාර්තා වනවා.

එබැවින් අදටත් ඩුබායිහි සිටින අපරාධකරුවෙකු ශී‍්‍ර ලංකාවට ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජනයගත් මෙරට අපරාධකරුවන් බොහෝ දෙනෙකු සැගවී සිටීමට සුදුසු ස්ථානයක් ලෙස කලක පටන් තෝරාගෙන ඇත්තේ.කෙසේ වෙතත් රජය විසින් මෙම රාජ්‍ය තාන්ත්‍රීක විදෙස් ගමන් බලපතක් තිබෙන පුද්ගලයා තවමත් හෙළිකර නැහැ.ප‍්‍රධාන පෙළේ තනතුරුවලට අදාළ කාණ්ඩ 29 ක් වෙනුවෙන් එවැනි බලපත‍්‍ර නිකුත් කිරිමට හැකි බවයි. ඒ අතරට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, මෙන්ම කතානායකවරයා, අගවිනිසුරුවරයා, අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ සමීප පවුලේ ඥාතීන්ද ඒ අතරට අයත්.විදේශ දූත මණ්ඩල සදහා අමාත්‍ය මණ්ඩලය තීරණය කරන නිලධාරීන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය හා කැබිනට් නොවන අමාත්‍යවරුන්, කොමිෂන් සභාවල සාමාජිකයින්ටද රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍ර නිකුත් කරනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා සභාපතිවරුන්, අමාත්‍යවරුන්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද අදාළ ලැයිස්තුවට අයත්. මේ කාණ්ඩ 29 න් කුමන හෝ පුද්ගලයකු මෙහි සිටින අතර එය එළිකිරීම රජය සතු ප්‍රභල වගකීමක් වන අතර එසේ නොවන තුරු චෝදනව ඔවුන්ටම එල්ලවනු ඇති.ම්ම්

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!