Breaking News
Home / දේශීය පුවත් / මදුසමයේදීම ඝාතනය වන රටක ජීවත්වීමේ නිදහස කොයිබටද?

මදුසමයේදීම ඝාතනය වන රටක ජීවත්වීමේ නිදහස කොයිබටද?

ගල්කිස්සේ හෝටලයක ජනප්‍රිය තරුණ ව්‍යාපාරිකයෙක් මරා දැමේ. පොලිසිය සහ හොටෙල් හිමියන් එක්ව සිදුවීම වසන් කිරීමේ උත්සාහයක්. අපෙන් රටට ප්‍රශ්න තුනක්.

මොහාන් චාමින්ද විජේතිලක, ඔහු දෙහිවල ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් ජනප්‍රිය තරුණයෙක්. ගමේ නගරයේ තරුණ බාල මහළු සියල්ලන් අතරම ජනප්‍රිය තරුණයෙක්. ඔහුව පසුගිය 31 වැනිදා දැඩි ලෙස තුවාල ලබා මරණාසන්නව සිටියදී හමුවන්නේ ගල්කිස්ස වෙරළ මාවතේ “හවුස්චන්ද්‍රා” හෝටලයෙන්.

වම් අතේ අඟල් 9 ක් දිග කැපුම් තුවාලයක්, දත් 4 ක් මුලින්ම උගුල්ලා, හිස්කබල පිපිරී, හිසපිටුපසින් තුවාල වී දිවේද කැපුම්තුවාල සහිතව ලේ විලක් මැද හවුස්චන්ද්‍ර හෝටලයේ කාමරයක මොහාන්ගේ සිහුසුන් සිරුර වැටී තිබුනා. එලෙස හෝටලයෙන් සොයා ගත් මොහාන් 31 වැනිදා හවස කළුබෝවිල ශික්ෂන රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරනු ලබන්නේ ඔහු ඒ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින නිසාවෙන්.

එතැන් පටන් කළුබෝවිල ශික්ෂන රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර වෛද්‍යවරුන්ගේ දැඩි සත්කාර යටතේ ප්‍රතිකාර ලබන මොහාන්ට 3 වැනිදා වන විට දියරමය ආහාරපාන නල මාර්ගයෙන් ලබාදීමට ආරම්භ කරනවා. නමුත් වෛද්‍යවරුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හිත මිතුරන් සහ ඉන් සති දෙකකට පෙර අතිනත ගත් බිරිඳද ලොව තනිකරමින් 5 වැනිදා උදෑසන මොහාන් සදහටම දෙනෙත් පියා ගෙන අවසන්.

(5) මොහාන්ගේ නිසල දේහයට අදාල අධිකරන වෛද්‍ය ක්‍රියාවලිය ආරම්භ කෙරුනා. ගල්කිස්ස පොලීසියෙන් ඉදිරිපත් කල වාර්ථාවට අනුව 31 වැනිදා මොහාන් හෝටලයෙන් සොයාගන්නා විටදීත් මියගොස් තිබුනේලු.

පොලිසිය පවසන්නේ සත්‍යක් නම් දින 5 ක් තිස්සේ කළුබෝවිල ශික්ෂන රෝහලේ වෛද්‍යවරුන් සිදුකලේ කුමක්ද ? පොලිසිය අසත්‍යක් පවසනවානම් ගල්කිස්ස “හවුස්චන්ද්‍ර” හෝටලය හා ගල්කිස්ස පොලිසිය එක්ව වසන් කරන්නේ කුමක්ද ? මොහාන් චමින්ද විජේතිලක නම් ජනප්‍රිය ව්‍යාපාරිකයාගේ ජීවිතය මදුසමයේදීම උදුරාගත්තේ කවුද ?

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!