Breaking News
Home / Video / මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.ඔවුන් වෙනුවෙන් එහි ගොස් ඇති නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි ප්‍රකාශ කළා.සතියක රැඳවුම් නියෝගවලින් අනතුරුව ඩුබායි පොලිසිය විසින් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින ෂාබ්දික වෙල්ලප්පුලි ඔවුන් මුණගැසී ඇත්තේ බර්ඩුබායි පොලිසිය තුළදීයී.මේ අතර ගායක අමල් පෙරේරාගේ සහ පුත් නදීමාල්ගේ දෙවැනි ලේ සාම්පලද පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැති බවයි ඔවුන්ගේ නීතිඥයා සඳහන් කළේ.කෙසේ වෙතත් ලේ සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අනුව බොහෝවිට ඩුබායි අපරාධ නීති විධිවිධාන 06  07 08 යටතේ මන්දිකාරක චෝදනා හෙවත් බරපතල නොවන චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇතැම් විට චෝදනා ගොනු නොකර දෙදෙනා පිටුවහල් කිරීමටද ඉඩ ඇති බවයි ඔවුන්ගේ නීතිඥයා කියා සිටියේ.පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණා.

රාජ්‍යයේ නීති කඩ කිරීමේ චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. ඊට අමතරව මකදුරේ මදුෂ්ගේ ගෝලයකු වන ඩුබායි අත්අඩංගුවේ සිටින කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳට ඊයේ කොටහේන – මැල්වත්ත මෛත්‍රී බෝධීරාජ මාවතේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම ප්‍රහාරය එල්ල කළ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ආශා ෆාරි හෙවත් කුඩු චූටි යන මෙම කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.ඇය හෙරොයින් ජාවාරමේ නිරත වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.වෙඩි ප්‍රහාරයෙන් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මෙම කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරු ඩුබායි හිදී මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත්තා.

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!