Breaking News
Home / දේශීය පුවත් / මට පක්ෂ නැ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ඉන්නේ පහයි පස්සේ කුඹුරක් කොටනවා කිව්වා. දැන් හයක් බැරිද අහනවා – අනුර

මට පක්ෂ නැ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ඉන්නේ පහයි පස්සේ කුඹුරක් කොටනවා කිව්වා. දැන් හයක් බැරිද අහනවා – අනුර

ජවිපෙ නායකයා ජනාධිපති නිර්පාක්ෂික පොදු අපේක්ෂක ලෙස පැමිණ ජයගෙන මේ වන විට බල ලොබිත්වයෙන් හැසිරීම පිළිබද පිළිකුලෙන් යුතුව කතා කරනවා. එම කතාව පහතින්.

ජනාධිපතිවරයා පුටුවේ වාඩිවෙනකොට කියපුවා නෙවෙයි වාඩිවුණාම කරන්නේ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනවාරි අට වැනිදා පුටුවේ වාඩිවෙන්න කලින් කිව්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා, ඉන්නේ අවුරුදු පහයි, මට පක්ෂයක් නෑ. මම පොදු අපේක්ෂකයෙක්, අවුරුදු පහ ඉවර වුණාට පස්සේ පොළොන්නරුවෙ ගිහින් පොතක් පතක් බලාගෙන කුඹුරක් කොටාගෙන ජීවත් වෙනවා කියලා.

ඊයෙ පෙරේදා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් අහනවා මට තව අවුරුද්දක් ඉන්න බැරිද කියලා. ඉතිං දේශපාලනය එපා වෙන්නේ නැද්ද..?
කියන්නේ එකක් කරන්නේ එකක්. දැන් මෛත්‍රි මහත්තයා පක්ෂය බදාගෙන නිල් ෂර්ට් එකක් ඇඳගෙන ගනු කඩුව එනු සටනට කියනවා. හැබැයි කඩුව මොට්ටයි.

මෛත්‍රි මහත්තයා ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා හෙලිකොප්ටර් දෙකක එන්නේ. බිමින් යනකොට නම් කාර් දෙකක යන එක පිළිගන්න පුළුවන්. එකක සුළං ගියොත් අනිකට නඟින්න පුළුවන්. උඩින් දෙකක එන්නේ එකක ප්‍රශ්නයක් ආවොත් අනිකට පනින්නද..? මොකද මෛත්‍රි මහත්තයා ජනාධිපති වෙලා ගුවන් කරණම් ඉගෙන ගත්තද..? යනුවෙන් ජවිපෙ නායකයා පවසනවා.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!