Breaking News
Home / දේශීය පුවත් / මට කතා කරන්නේ නැ අනිත් අයට කතා කරනවා. මට සැකයි. නඩුවකුත් තියනවා මන් ඇනගෙන ඇනගෙන ගියා – ප්‍රියානි මහත්මිය ඝාතනය කල පව්කාර සැමියා කියයි

මට කතා කරන්නේ නැ අනිත් අයට කතා කරනවා. මට සැකයි. නඩුවකුත් තියනවා මන් ඇනගෙන ඇනගෙන ගියා – ප්‍රියානි මහත්මිය ඝාතනය කල පව්කාර සැමියා කියයි

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරු කොටසකින් ඇන අමානුෂිකව ඝාතනය කළ ඇගේ සැමියා සිද්ධිය පිළිබඳ පානදුර පොලීසියට පාපෝච්චාරණයක් කර තිබේ.

තම බිරිය ගැන විශාල සැකයක් තිබූ බවත්, ඔහු කියන කිසිවක් ඇය නොඇසූ බවත් සැකකාර ප්‍රභාත් රසික ඊටන් (52) නමැත්තා එහිදී සඳහන් කර තිබේ.

‘මම කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදර තැනක හංගලා තිබුණා. පසුගිය ඉරිදා (08දා) රාත්‍රි අටට විතර පුතා ගෙදරින් එළියට ගියා. ලේලිය විතරයි ගෙදර සාලේ හිටියේ.

ඊට පස්සේ මම මගේ බිරිය හිටපු කාමරයට ගියා. එයා සමඟ තිබුණු කෝපයට අර මුවහත් කරපු කතුරු කොටසෙන් මම බිරියගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි, ඔළුවටයි ඇන්නා. ඇඳ උඩ එයා වේදනාවෙන් කෑ ගහනවා මම දැක්කා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. පස්සේ මම ගෙදරින් පැනලා ගියා.’

“මට මගේ බිරිය ගැන විශාල සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ.

ඇතැම් අවස්ථාවල එයා අනුරාධපුරයේ යනවා. එහෙම ගිහිල්ලා දවස් කීපයක් එයා එහි ගත කරනවා. එයාගේ ජංගම දුරකථනයට කොච්චර කෝල් ගත්තත් එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයා ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා.

මගේ බිරිය මට එරෙහිව පානදුර අධිකරණය හමුවේ නඩුවක්ද පවරලා තිබුණා. පසුව අධිකරණය මඟින් මට ගෙදර යෑම තහනම් කරලා නියෝගයක්ද ලබාදීලා තිබුණා. ඒ තහනම පසුගිය මාසයේ ඉවත් වුණා.

ඊට පස්සේ මීට දින කීපයකට ඉහතදී මම ගෙදර ගියා. එහෙම ගියාට පස්සේ මම කිව්වා එයාට අපි දෙන්නා සාමදානයෙන් ඉමු කියලා.

එහෙම ඉන්න අතරදී මට එයා ගැන ආයෙත් සැකයක් ඇති වුණා. එයාගේ හැසිරීම් රටාව මට ඇල්ලුවේ නැහැ. කොයි වෙලාවේ බැලුවත් එයා හෑන්ඩ්ෆෝන් එක එක්කමයි හිටියේ.

එන හැම කෝල්වලටම එයා කතා කරනවා. මම කතා කළාම එයා මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම එයාව මරන්න තීරණය කළේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ වනවිට ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය අංක 546/1 අලුබෝගහලන්දවත්ත, කුඩා අරැක්ගොඩ, පානදුර පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඇගේ අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 4ට පානදුර මිනුවන්පිටිය ප්‍රසිද්ධ සුසාන භූමියෙදි සිදුකෙරේ.

පවුලේ සමීප සම්බන්ධතා දැක්වූ අය අප හට පැවසුවේ මෙම සැමියා මුල් කාලයේ සිටම බිරිද සැක කල අතර ජිවත් වීමට අපහසු නිසා පානදුර පිහිටි සහෝදරියකගේ නිවසට පැමිණ ජිවත් වූ බවයි. මේ සැකය යනු ශ්‍රී ලංකා සමාජයේ බිරියන්ට සැමියන්ට ඇති මානසික රෝගයකි.

මෙය ඔබේ සැමියාට හෝ බිරිදට ඇතිනම් මනෝ වෛද්‍ය වරයකු හමුවී ප්‍රතිකාර ගැනීම සුදුසුයි. දියුණු රටවල යම් අයෙක්ට එක පාර්ශවයක් සමග ජිවත් වීමට නොහැකි බව වැටහුනා පසු ඔවුන් කැමැත්තෙන් වෙන්වී ඔවුන්ට දරුවන් සිටිනම් එක්ව ඒ කටයුතු කරන අතර දෙදෙනා වෙනත් දෙදෙනකු විවාහ වුවහොත් ඔවුන් සමගද සහයෝගයෙන් කටයුතු කිරීමට තරම් මනස ගෝත්‍රික නැත.

එහෙත් ධර්මද්වීපය නම් වූ ලංකාවේ එකට ගෙදර සිටින සැමියා බිරිය සක කරන්නේ පොලිසිය සොරකු පසුපස පාන්නක් මෙනි. ඒ තරම් මේ රටේ ආකල්ප ගෝත්‍රිකය. යම් අයෙකු නොගලපෙනවානම් ඒ පුද්ගලයා සුදුසු නොවනවා යන්න සාධාරණව ඔප්පු වී තිබෙනවානම් බලහත්කාරෙන් යමෙක්ගේ ජීවිතකාලය තමන් හට සින්න කරගත නොහැකි. මෙම සිද්දීයෙන්ද පෙන්නුම් කරන්නේ තමන්ට නැතිනම් මේ ලෝකයේ ජිවත් වීමටවත් ඇයට අයිතියක් නැත යන ගෝත්‍රික අදහසයි.

මෙවන් පුද්ගලයන් ලංකාවේ ඉහේ කෙස් ගානට ඇති බව අප දන්නා කරුණක්. ගෝත්‍රිකයන් නොවී, ජිවත් වීමට වරම ලද කෙටි ජීවිතය බැදීම් ඇතිකරගෙන හෝ නැති කරගෙන ඈත් කරගෙන හෝ නිදහසේ බුක්ති විදීමට බුද්දියක් තිබිය යුතුයි.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!