Breaking News
Home / දේශීය පුවත් / මටත් ඇමරිකන් වීසා දුන්නේ නෑ. මහින්ද කරා කියපු යුද්ධය ඇයි දැං මං කලා කියන්නේ?

මටත් ඇමරිකන් වීසා දුන්නේ නෑ. මහින්ද කරා කියපු යුද්ධය ඇයි දැං මං කලා කියන්නේ?

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා.

නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා.

එසේම තමන්ටද ඇමරිකාවට වීසා නොලැබුන බවත් ඒ මෙවන් පුද්ගලයන් නිසා බවත් ෆීල්ඩ් මාර්ෂල් පැවසුවා. යුද ජය ගත්තේ මහින්ද ඇතුළු පුද්ගලයන් බවත් එහි ගල් මුල් එන විට යුද්ධය කලේ මං බවත් කීම හාස්‍යක් බව ඔහු පැවසුවා.

එම වීඩියෝව පහතින්

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!