Breaking News
Home / දේශීය පුවත් / මග හැරුන වෙසක් උළෙල වෙනුවෙන් පොසොන් උත්සවය ජයට සමරන්න අනුරාධපුරට ලක්ෂ 10 ක්

මග හැරුන වෙසක් උළෙල වෙනුවෙන් පොසොන් උත්සවය ජයට සමරන්න අනුරාධපුරට ලක්ෂ 10 ක්

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

05 වන දා අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දිවයිනේ සියළු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියළු සැලසුම් දියත් කර ඇති බවයි.

අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන පොසොන් උත්සව කටයුතු සඳහා ලක්‍ෂ දහයකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ වෙනුවෙන් සියළු පහසුකම් සංවිධානය කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කිරීමට නියමිතව තිබූ තොරණ් ගණනාවක් එවක පැවති ආරක්‍ෂක තත්වය මත ප්‍රදර්ශනය නොකෙරුණද ඒ සියල්ලම පාහේ පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා ඇත.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අතර සියළුම දිසා ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ජූනි 13 වන දා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා සහ පසුදා සංඝගත දක්‍ෂිණාවන් පොසොන් උළෙල වෙනුවන් පැවැත්වීමට කටයුතු කරනු ඇති.

ජූනි 10 වන දා සිට 16 වන දා දක්වා රජයේ සියළු ගොඩනැගිලි පොසොන් සතිය වෙනුවෙන් සැරසිලි කොට අලංකෘත කරලීමට ද පියවර ගන්නා බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!