Breaking News
Home / Video / මකදුරේ මධුෂ් නම් වූ කුඩු රජු අපරාධකරු මිය ගිය පියා වෙනුවෙන් ගමේ පන්සලට කෝටි 6 ක ගොඩනැගිල්ලක් පුජා කරලා. පුජකයන්ගේ අනුශාසනයෙන් කියලා සමරු පලකයකුත් ගහලා

මකදුරේ මධුෂ් නම් වූ කුඩු රජු අපරාධකරු මිය ගිය පියා වෙනුවෙන් ගමේ පන්සලට කෝටි 6 ක ගොඩනැගිල්ලක් පුජා කරලා. පුජකයන්ගේ අනුශාසනයෙන් කියලා සමරු පලකයකුත් ගහලා

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස ශ‍්‍රී ලංකාවට බාර නොදෙන බවට ඩුබායි බලධාරීන් විසින් සදහන් කර ඇත.පලමුව එම පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන බවද දන්වා තිබේ.

අධිකරණයෙන් දඬවම් නියම කලහොත් අදාල දඬුවම ගෙවා අවසන් කල පසු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කල හැකි බවද ඩුබායි බලධාරීන් විසින් සදහන් කර ඇත්තේ.මේ අතර මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් රුපියල් කෝටි 6 ක් වැයකර ගමේ පන්සලට පුජා කළ ගොඩනැගිල්ලයි මේ.

මෙම සිද්දිය තරමක් අපව අවුල් කරන සිද්දියක්. මෙම පන්සලේ පුජකයන් මෙම පුද්ගලයන් රටේ මිනිසුන්ට අපරාධ කර හොයන මුදල් වලින් මෙවන් පරිත්‍යාග කරනවා යන්න නොදන්නවාද? එසේ දන්නවානම් බුදු රජාණන් මෙන් ධර්මය දේශනා කර හරිමගට ගත නොහැකිද? නැතිනම් පන්සලේ පුජකයන්ට තර්ජනය කර මෙම අපරාධකරුවන් බලහත්කාරෙන් ගොඩනැගිල්ලක් සදා දී බලෙන් පින් රැස් කරනවාද?

මෙවැනි ප්‍රශ්න ගණනාවක් සමාජයට ඇතිවෙයි. කෙසේ වෙතත් අපරාධකරුවන් විසින් එක අතකින් මිනිසුන් විනාශ කරමින් මුදල් සොයමින් සිටින අතරම සමාජයේ උසස් මිනිසුන් ලෙස පෙනී හිටින්නට ජනප්‍රිය ස්ථාන පුද්ගලයන් ආගමික පුජකයන් සමග දැඩි සම්බන්ධයකින් කටයුතු කරමින් සිටි. ලංකාව මේ වන විට මෙක්සිකොවක් චිකාගොවක් මෙන් අපරාධකරුවන් කෝටිපතියන් වී වැජබිම සාමන්‍ය දෙයක් වී තිබීම දැඩි කණගාටුවක්. මෙයට සෘජුව වගකිව යුත්තේ ජඩ දේශපාලුවන් සහ මුදල් වලට විකිණී ඇති ජඩ මාධ්‍යයි.

පහත විඩියෝවෙන් දැක්වෙන්නේ එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ සමරුපලකය හා ගොඩනැගිල්ලේ ඡයාරුපයි

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!