Breaking News
Home / දේශීය පුවත් / භූවිද්‍යා එකට එන්න කිව්වේ ජනවාරි. පාර වහනකම් ආවේ නෑ.බණ්ඩාරවෙල ඇත්ත කථාව!

භූවිද්‍යා එකට එන්න කිව්වේ ජනවාරි. පාර වහනකම් ආවේ නෑ.බණ්ඩාරවෙල ඇත්ත කථාව!

බණ්ඩාරවෙල දික්කරාව යනු කඳු බෑවුම් ප්‍රදේශයක්. බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 5 ක් විතර නගරයේ සිට පැමිනිවිට මේ ප්‍රදේශය තිබෙන්නේ. මේ ගම්මාන වල පැලුම් මතුවීමට පටන්ගෙන ඇත්තේ පසුගිය ජනවාරියේදී පමණ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඒ කාලයේ සිට බදුල්ල ආපධාකලමනාකරනයට සහ භූවිද්‍ය කාර්යන්ශයට කිහිපවතාවක් ඉල්ලීම් කර ඇත්තේ මේ ගමේ ජීවත්වීමට සුදුසුද කියා පරීක්ෂා කර බලා නිර්දේශයක් දෙන ලෙසයි. එහෙත් ඔවුන් පසුගිය 27 වන දින වර්ශාවත් සමග නිවසකින් දිය බුබුලු මතුවී පදිංචිකරුවන් බියට පත්වී මහාමාර්ගය වසා උත්ගෝශනය කරන තෙක් කුම්බකරන ආපධාකලමනා කරනයට සහ භූවිද්‍යා කාර්යංශයට ඇස් ඇරී නෑ.

මේ රජයේ ආයතන වල වගකීම ගත යුත්තේ දේශපාලකයාද නිලධාරීන්ද යන්න අපට වැටහෙන්නේ නැත. පිනට කකා පුටු රත් කරන රජයේ නිලධාරීන්ට උවමනාවක් තිබේනම් දේශපාලකයාගේ කථාව කෙසේවෙතත් උවමනාවෙන් මිනිසුන් වෙනුවෙන් සේය කල හැකි. එහෙත් ඔවුන් දේශපාලකයාට වඩා නිර්ලජ්ජිත කර අරින්නන් බවයි මෙයින් අපට පෙනී යන්නේ. අවසානයේ දෙවරක් මහා මාර්ගය වැසීමෙන් පසු කොළඹින් භූවිද්‍යා නිලධාරීන්ගේ කකුල් වලට පණ ඇවිත් තිබුනි. එහෙත් ඔවුන් ගෙවල් දහයකට වඩා අඩුවෙන් පරීක්ෂාකර ඇස් මට්ටමෙන් බලා දී තිබෙන නිර්දේශය ආපදාවක් නෑ දින පහක් ඇතුලත වාර්ථාවක් දෙන්නම් එතකම් ගෙවල් වල ඉන්න යන නිර්දේශය. ඒ දින පහ ඇතුලත නැවත ධාරානිපාත වර්ශාවක් ඇද හැලුනහොත් ඒ ජීව්ත වල අවදානම ගන්නේ කවුද? භූමිය ඇතුලත බලපෑම ඇස් මතුපිටින් බලා ඔවුන් සහතික වෙන්නේ කෙසේද? ජනවාරි සිට මිනිසුන් කල ඉල්ලීමට මාස හතක් ගොස් උද්ගෝශන කරන තෙක් නොපැමින පාර වැසූ සැනින් පැමිනිමට හැකිවූයේ කෙසේද? මේ ආයතන වල වගකීම දරන්නේ කවුද? ඔවුන්ගේ වැරදිවලට නිසි පරීක්ශන කර දඩුවම් දුන්නේ කවදාද? පලාතේ ආණ්ඩුවේ දේශපාලකයන් මේ ගැන සොයා නොබලන්නේ මන්ද?

රටේ සෑම ප්‍රශ්නයක්ම විසදීමට හෝ අදාල අංශවලට යොමුකිරීමට පවා ජනතාවට පාරට බැස උත්ගෝශනය කිරීමට සිදුවීම රජයේ සේවකයන් හා පාලකයන් ලැජ්ජා විය යුතුය. ජනතා බදු මුදලින් වැටුප් ගන්නා මොවුන්ගේ පවුල් වල සාමාජ්කයින්ට පවා මෙහි සොබාදහමෙන් හෝ වන්දි ගෙවීමට දිනක සිදුවනු ඇත. එනම් කුමන වගකීමකින් නිදහස් වූවත් කර ඇරියත් කර්මයට එලොව සහ මෙලොව මුහුන දීමට සිදුවන නිසා සොබාදහමෙන් හෝ මිදීමට වගකිව යුත්තන්ට නොහැකි වනු ඇත. එහෙත් ඒ වන විට වටිනා ජීවිත රටට ප්‍රදේශයට අහිමි වූවොත් කුමන කරුමයක් පල දුන්නද පලකුත් නැත.

 

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!