Breaking News
Home / Video / භාරකාර රජයක් හදන කතාව ලොකුවට යවලා තියෙන්නේ එජාපෙ මට්ටු කරන්නලු වෙල්ගමගේ අනාවැකිය ඇත්තක් කරමින් මහින්දව ආයෙත් සිරිසේන රවට්ටලා

භාරකාර රජයක් හදන කතාව ලොකුවට යවලා තියෙන්නේ එජාපෙ මට්ටු කරන්නලු වෙල්ගමගේ අනාවැකිය ඇත්තක් කරමින් මහින්දව ආයෙත් සිරිසේන රවට්ටලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධව භාරකාර රජයක් පිහිටුවන බවට ප්‍රචාරයක් ගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් විකල්පයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයට ඇගවීමටයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තොරතුරු සැල කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව එවැනි විකල්පයක් ඇති බව ප්‍රකාශ කිරිමෙන් එක්සත් ජාතික පක්ෂය යම් පමණකින් පාලනය කිරිමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරුණු බවද ශ්‍රීලනිප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු අනාවරණය කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයා ඉහත තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ පසු ඔහුව අගමැතිවරයා හමුවීමට යොමු කළ බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

මේ වෙල්ගම පසුගිය 12 වනදා මෙම කතාව කලින්ම සනාත කර මාධ්‍යට කියූ හැටි. එයින් පසුයි මහින්දානන්ද ලොහාන් දිලුම් හා කෙහෙළිය යන නුවර දිස්ත්‍රික්ක මන්ත්‍රී කණ්ඩායම නරපනුවා වැනි අපහස කරමින් පහර ගැසීම සිදුවුයේ.

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!