Breaking News
Home / දේශීය පුවත් / භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන ගියේ හයිද්‍රබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දය වෙතය.

“අපි ගීතයක් රස විදිමු.” කී මෝදි මහතා සිය ටැබ් යන්ත්‍රය පණ ගැන්වීය. එය 15 වන සියවසෙහි නිර්මාණිත පැරණි ගුජරාටි භජන් ගීතයකි. ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති තනතුර ද දැරීය. මේ ගුජරාටි භජන් ගීතය ඉන්දීය නිදහස් අරගල අවස්ථාවේදී ගැයුණු, අදත් එකසේ ජනප්‍රියත්වයට පත් ගීයකි.

මෝදි මහතාගේ ටැබ් යන්ත්‍රයෙහි ප්‍රදර්ශනය වූයේ පැරණි ගීතයේ නව නිර්මාණයකි. එය රූගත කර තිබුණේ ලංකාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේය. ගීතය ගායනා කළෝ භාතිය, සන්තුෂ්, උමාරියා සිංහවංශ, අසංක ධනංජය හා රශික ප්‍රදීප් යන ලාංකේය ශිල්පීන් විසින්ය.

“මේ ඔබේ රට විසින් අපේ රටේ මහත්මා ගාන්ධි තුමන් වෙත දැක්වූ සංගීතමය උපහාරයක්. ඊට ස්තුතියි.” මෝදි මහතා පවසා ඇත.
“ගාන්ධි තුමන්ගේ මාර්ගය අනුගමනය කරලා තමයි ඩී. එස්. සේනානායක මහතා අපේ රටට නිදහස ලබා ගත්තේ. ඊට ස්තුතියි.” වික්‍රමසිංහ මහතා ආපසු ඉන්දීය අගමැති වරයාට පවසා ඇත.

එසේම ඉන්දීය සංචාරය අවසන් කර අගමැති වරයා සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කරන ලදි.

ඉන්දීය සංචාරයේදි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද දහවල් පැවැත්විනි.

ජනාධිපති මෛත්‍රිපාලග සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් සහභාගී වූ ඉහත හමුව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති බව වාර්තාවේ.

ඉන්දීය නිල සංචාරයේදි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං මහතා සමඟ හුවමාරු වූ අදහස් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සවිස්තරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වාර්තා කරනු ලැබීය.

ඊට අමතරව රාහුල් ගාන්ධි මහතා ප්‍රමුඛ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ හමුවී කළ සාකච්ඡාවේ කරුණු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ හමුවේදි සව්ස්තරාත්මකව දැනුම් දුන් බවද වාර්තාවේ.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!