Breaking News
Home / Video / බේරුවල ජාවාරමක් අල්ලන්න ගිය වලානේ පොලිස් නිලධාරින්ට දුවන්න පහර දීපු මුස්ලිම් ගමේ වැඩිය ප්‍රසිද්ධ නොවුන කථාව

බේරුවල ජාවාරමක් අල්ලන්න ගිය වලානේ පොලිස් නිලධාරින්ට දුවන්න පහර දීපු මුස්ලිම් ගමේ වැඩිය ප්‍රසිද්ධ නොවුන කථාව

බේරුවෙල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවි කරන ස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පසුගියදා කටයුතු කර තිබුණා.

එම ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සඳහා එම ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදී  අදාල වෙළඳ සැලෙන් පළමුව නීති විරෝධී දුම්වැටි මිලදී ගෙන පසුව වෙළඳ සැලේ හිමිකරුගේ නිවස වැටලීම සඳහා ගොස් තිබෙනවා.

ඒ ඔහුගේ නිවසේද නීති විරෝධී විරෝධී දුම්වැටි තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මතයි.

එම අවස්ථාවේදී වෙළඳ සැලේ හිමිකරු ප්‍රදේශවාසීන් පිරිසක් සමඟ පැමිණ පොලිස් නිලධාරීන් නිවසේ කාමරයක් තුළ සිර කර පහර දීමක් සිදු කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන්ගේ හැඳුනුම්පත් ද අදාල නිවෙස් හිමියා විසින් පහර දී උදුරා ගෙන ඇති අතර පසුව බේරුවල පොලීසියේ නිලධාරීන් පැමිණ වලාන දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් මුදා ගෙන තිබෙනවා.

Image result for beruwala police station

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර අතර අදාල වෙළඳසැලේ හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම පුවත ස්වර්ණවාහිනියේ විකාශය වූ අයුරු පහතින් බලන්න

About lanka

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!