Breaking News
Home / දේශීය පුවත් / බෙ. නාලක හිමි ඇ. ගුණවංශ හිමි හා මු. ආනන්ද හිමි 20 ට එරෙහි වෙමින් ජනාධිපතිට ලිපියක් යවයි

බෙ. නාලක හිමි ඇ. ගුණවංශ හිමි හා මු. ආනන්ද හිමි 20 ට එරෙහි වෙමින් ජනාධිපතිට ලිපියක් යවයි

20 වැනි සංශෝධනය මගින් අත්තනෝමතික විධායකයක් සහ අධිකරණය යටපත් කරන, දුබල අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වන බව, පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනපතිට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

ජනතාවගේ ආදරය දිනාගත් අගමැති මහින්දගේ බලය හා ස්ථාවරත්වය හින කරන අමාත්‍ය මණ්ඩලය හා ඇමතිවරුන් ඕනෑම වෙලාවක අභිමතය පරිදි වෙනස් කල හැකි වීමේ බලය ජනාධිපතිට ලැබේ. අමාත්‍ය මණ්ඩලය 30 සිමා ඉවත් කිරීමේ යටි අරමුණු තිබිය හැක. ජනාධිපති වරයා ව්‍යවස්ථා විරෝධී ක්‍රියා කළහොත් ඔහුට නීතියෙන් ක්‍රියාත්මක වීමත් අහිමි කර ඇත. 20 න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් ඇතිවීමට ඉඩ ඇත.

රටේ ආන්දෝලනයක් වී ඇති 20 ඒ ආකාරයෙන්ම සම්මත කරන්නේ නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතුව ඇත. එසේ තිබියදීත් එය සම්මත කරන්නේ නම් මෙහි සදහන් සංශෝධන කරන මෙන් ජනාධිපතිවරයා බලයට පත්කිරීමට මුලික වූ අප හා දේශප්‍රේමී ජනයා වෙනුවෙන් අප ඉල්ලා සිටිමු යනුවෙන් එම ලිපියේ සදහන්. එහි පිටපත් අගමැතිවරයා, අන්‍ය ආගමිකනායකයන්, කතානායක, තුන් නිකාය නායක හිමිවරු හා පාර්ලිමේන්තු නියෝජිතයින් වෙත. එසේම 20 වන සංශෝධනයේ දෙවන් වර විවාධය 21 හා 22 සිදු කරන අතර දින තුනක් ඉල්ලා සිටියත් එය ලබා දීමට රජය එකග නොවූ බව ජවිපෙ නායක අනුරකුමාර මහතා පවසා සිටියා.

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!