Breaking News
Home / දේශීය පුවත් / බිලියන ගණන් හොරකන් කරන උන්ට වඳින රටේ අඹ ගෙඩි දෙකට හිරේ දාපු අම්මා කෙනෙක්

බිලියන ගණන් හොරකන් කරන උන්ට වඳින රටේ අඹ ගෙඩි දෙකට හිරේ දාපු අම්මා කෙනෙක්

“මං අඹ ගෙඩි 3 ක් කඩා ගත්තා…ඒ වැරැද්ද මං භාරගන්නවා”..අඹ ගෙඩි 3 කට පැය 24 ක් පොලිසියේ හිටපු කාන්තාව කරන්න යන දේ (VEDIO)

අඹ ගෙඩි 3 ක් කඩාගත් වරදට පැය 24 ක් පොලීසියේ ගතකර පසුව අධිකරණයෙන් ඇප නියමවූ අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ කාන්තාව තමන් පත්වූ අපහසුතාව වෙනුවෙන් වන්දියක් අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

කුසගින්නට අඹ ව්‍යංජනයක් සකසාගැනීම සඳහා අසළ වත්තක ගසකින් ඇය අඹ ගෙඩි 3 ක් කඩාගෙන තිබුණත්, එහි හිමිකාරිනිය අඹ ගෙඩි 19 ක් සොරකම් කළ බවට පොලීසියට කළ පැමිණිල්ල නිසා තමන් මහත් වද වේදනා විඳි බවයි සිද්ධියට මුහුණදුන් අනුරාධපුර – සාලියපුර පදිංචි ඒ. ලලිතා නැමති මෙම කාන්තාව ප්‍රකාශ කළේ.

එලෙස අඹ ගෙඩි 3 ක් වෙනුවෙන් පැය 12 ක් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ, පොලිස් බංකුවේද, තවත් පැය 12 ක් සිර මැදිරියේ ගත කළ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර තිබුණා.

-හිරු gossip

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!