Breaking News
Home / දේශීය පුවත් / බිංගිරිය පොලිසියෙන් සැකකරුවන් 6 ක් අරන් ගිය දයාසිරි පොලිසියේ පැය 3 ක්

බිංගිරිය පොලිසියෙන් සැකකරුවන් 6 ක් අරන් ගිය දයාසිරි පොලිසියේ පැය 3 ක්

බිංගිරිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධව අත්අඩංගුවට පත් පිරිසකට ඇප ලබාගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට පැමිණ පැය 3 ක ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඊයේ (18දා) පෙරවරුවෙදී ඔහු මෙම ප්‍රකාශය ලබා දී තිබේ. මෙම අත්අඩංගුවට පත් පිරිස හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ රඳවා තබා තිබූ අතර මන්ත්‍රීවරයා පැමිණ ඔවුන්ව තම ජීප් රියට නංවාගෙන් බිංගිරිය පොලීසියට ‍ගෙන ගොස් ඇප ලබාගැනීමට උත්සාහ කරන අයුරු වීඩියෝ පටයක් ඇති අතර මොහු සහා සිරිසේන ගාතන කුමන්ත්‍රණය ගැන හඩපට නිකුත් කල නාමල් කුමාර සමග සංවාදයක් ඇතිවන වීඩියෝවක් ද ඇත.

දයාසිරි පවසන්නේ නාමල් කුමාර කළු ඩිපෙන්ඩරයකින් එම ස්ථානයට පැමිණිබවයි. නාමල් කුමාර පවසන්නේ තමන් අම්පාරේ සිට නැ ගමනක් යන මග මිනිසුන් පැමිණ ඔහුට ගැටුම් නිරාකරණයට ජනතාව ආරාධනා කල බවයි. මේ පුද්ගලයා ජනාධිපති කාර්යාලයෙන් පඩි ගන්නා අයකු බවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට අනුයුක්තව වැඩ කර ඇති බවද කියවෙනවා.

අම්පාරේ කුඩා නිවසක ජිවත්වන හරිහමන් රැකියාවක් නැති නාමල් කුමාර නැමැත්තාට ගමන් යාමට ඩිපෙන්ඩර් ඇති බව නිදහස් පක්ෂ මහලේකම් පැවසීම මත මේ යට කොතරම් කුමන්ත්‍රණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවාදැයි දැකගත හැක.

දේශපාලුවන්ගේ බල පොරයට දෙස් විදෙස් ජිවිත සිය ගණන් බිලි වන අතර ඉදිරියටත් ජිවිත බිලි දෙමින් තම පවුල් ගොඩ දමා ගැනීමට ක්‍රියා කරන වග බහුතර ජනයා දන්නාවා වුවත් ඔවුන් නපුන්සකයන් මෙන් අපි හෙව්වොත් අපි කනවා කියමින් නිවටයන් මෙන් මිය යන තුරු මැරී නොමැරී ජිවත් වෙමින් සිටි.

About article14

Check Also

ක්‍රීඩකයන්ට ආසන මදි. තණතිලි අපිට වෙනස් – අසන්ත මෙල් අයිසිසියට පැමිණිලි කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ICC යට ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!