Breaking News
Home / දේශීය පුවත් / බිංගිරියේ පොලිසියෙ සිටි සැකකරුවන් සිරිසේනගේ පක්ෂේ ලේකම් දයාසිරි ඇවිත් ජීප් එකේ දමාගෙන ගිහින්

බිංගිරියේ පොලිසියෙ සිටි සැකකරුවන් සිරිසේනගේ පක්ෂේ ලේකම් දයාසිරි ඇවිත් ජීප් එකේ දමාගෙන ගිහින්

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත පවරා දී ඇති බවත්ති නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් (13) කරමින් පවසයි.

එසේම කිසියම් පරිසක් ඇවිත් ප්‍රචණ්ඩ කාරීව හැසුරුන පුද්ගලයන් පිරිසක්ගෙන් 6 ක් අත්අඩංගුවට ගත් විට පසු දින බින්ගිරිය පොලිසියට ගොස් එම 6 දෙනා තම වාහනයේ නංවාගෙන එන සිරිසේනගේ පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර එසේ සිදු කිරීම සම්බන්ධයෙ වහාම පරීක්ෂණයක් කර අත්අඩංගුවට ගන්න ලෙස රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙන බව පවසනවා.

සිරිසේනගේ බුද්ධි අංශ උපදේශකයෙක් වන නාමල් කුමාර නැමැත්තා සමග දයාසිරි කලබල අතර යම් සාකච්චාවක නිරතව වන චායරුපයක් හා ගැටුම් සිදුවන ස්ථානයක සිට යමින් සිටින මදුමාදව අරවින්ද නැමැත්තාගේ වීඩියෝවක්ද මේ වන විට සීග්‍රයෙන් සමාජ ජාලා වෙබ් අඩවි වල වාර්තා වනවා.

නමුත් පසුගිය අත්දැකීම් මත මහා ජනය මතය වන්නේ කිසිම ක්‍රියා මාර්ගයක් නීතියක් මෙයට ක්‍රියාත්මක නොවී ඇල්මැරුණු ලෙසින් කටයුතු සිදුවෙයි යනුවෙන්. අගමැතිගේ කටේ නිතර කියවෙන ගෝලීය ත්‍රස්තවාදය දැන් ඔහු වටා සිටින දේශපාලන අතකොලු වලින්ම සිදුවනවාද යන්නයි දැන් සමාජ ප්‍රශ්න කරන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය – ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා.

නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.

වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.

මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි.මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා. ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා.

බිංගිරියේ පොලිසියෙ සිටි සැකකරුවන් සිරිසේනගේ පක්ෂේ ලේකම් දයාසිරි ඇවිත් ජීප් එකේ
දමාගෙන ගිහින්. නාමල් කුමාර සමග සාකච්චාවක්. රනිල් ඔවුන් අත්අඩංගුවට ගන්න කියලා

About article14

Check Also

නව හමුදාපති චතුරිකාගේ හිතවතා ශවේන්ද්‍ර සිල්වා පිළිබද දැඩි විමසිල්ලෙන් සිටින බව ඇමරිකාව දන්වයි

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!