Breaking News
Home / දේශීය පුවත් / බැඳුම්කර හා බරපතල දුෂණ හා වංචා වාර්තා පිළිබද ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු විවාදය ඇරබෙයි

බැඳුම්කර හා බරපතල දුෂණ හා වංචා වාර්තා පිළිබද ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු විවාදය ඇරබෙයි

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

උදෑසන 10.30ට ආරම්භ වූ විවාදය පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. මොහොමඩ් නසීර් අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සල්මාන් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින්.

තවත් මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදීම සදහා තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි එම්.එච්.එම් සල්මාන් මීට පෙර සඳහන් කළේ.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!