Breaking News
Home / දේශීය පුවත් / බැඳුම්කර වාර්තාවේ කරුණු විකෘති කර ඇතිබව කියමින් අද පාර්ලිම්න්තුවේදී හිටපු මුදල් ඇමති රවිගෙන් විශේෂ ප්‍රකාශයක්

බැඳුම්කර වාර්තාවේ කරුණු විකෘති කර ඇතිබව කියමින් අද පාර්ලිම්න්තුවේදී හිටපු මුදල් ඇමති රවිගෙන් විශේෂ ප්‍රකාශයක්

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තාව සහ බරපතල අපරාධ විමර්ශන ජනාධිපති කොමිසම් සභා වාර්තා දෙක අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, අදාළ විමර්ශන වාර්තාවල පිටපත් සියලු මන්ත්‍රීවරුන්ට අද දිනයේ ලබා දීමට අපේක්ෂා කරන බව ය.

පාර්ලිමේන්තුව අද පස්වරු 1 ට රැස්වීමට නියමිත ය.

විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් විවාදය ගැනිම පිළිබඳ තීරණය හෙට දිනයේ පැවැත්වෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේදී තමා අද (23) විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

බැඳුම්කර සිද්ධියට අදාල ජනාධිපති කොමිසමේ වාර්තාවේ කරුණු විකෘති කර ඇති බවත් එය අභියෝගයට කරුනක් බවත් එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අගමැතිවරයාත් , මලික් සමරවික්‍රම හා කබීර් හෂම් මහතාත්, තමාත් සද්භාවයෙන් කොමිසම හමුවට පැමිණි බවත්, එහිදී ලබා දුන් කරුණුවලට පරස්පර කරුණු මේවන විට ඇතුළත් ව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

 

About lanka

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!