අගමැතිවරයාගේ නිර්දේශයෙන් බැහැරව ගොස් ජනාධිපති හමුවි හොද ඇමතිකම් ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන්ට කතා කළ එහිම ඇමතිවරයෙකු සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු වාර්තා වි ඇත.
ඇමතිවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරියක මේ බව අග්‍රාමාත්‍යවරයා හමුවේ අනාවරණය කර තිබේ.
තමන් සමග එනවා නම් හොද ඇමතිකම් අරගෙන දිය හැකි බව මෙම හිටපු ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට පවසා ඇතත් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබි නොමැති නිසා ඔහු කාර්ය හකුලාගෙන ඇත.
අපට දැනගන්නට ලැබෙන ආරංචිමාර්ග අනුව මොහු ජනාධිපතිවරයාගේ බැඳුම්කර කොමිසමෙන් වරදකරුවකු බවට ජනාධිපතිවරයාම රටට ප්‍රකාශ කල හිටපු ප්‍රභල ඇමතිවරයා මොහුයි. ශ්‍රී ලාංකිය දේශපාලනයේ වාසියට ඕන හොරකු දූෂිතයකු කිරිපැනි වන්නේ තමන්ගේ පිලේ වාසියක් වෙනුවෙනුයි. බුද්ධිමත් යයි සිතා සිටින දූපතේ ජනතාවට මෙය සිතිය යුතු කාරණයක් වන අතර බහුතර බුද්ධිමත් ජනතාවද මෙවන් සිද්දි එතරම් ගනන් නොගනි. ඉති අපට කියන්නට ඇත්තේ අපටද මොකද යන්නයි.