Breaking News
Home / දේශීය පුවත් / බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරි කුමරුගේ විවාහ උත්සවයේ මාධ්‍ය ආවරණයේ ප්‍රධානියෙක් ලෙස ලංකාවේ කාන්තාවක් පත්කරයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරි කුමරුගේ විවාහ උත්සවයේ මාධ්‍ය ආවරණයේ ප්‍රධානියෙක් ලෙස ලංකාවේ කාන්තාවක් පත්කරයි

එංගලන්ත රාජකීය පවුලේ මීළග විවහෝත්සවය ලබන මැයි මස 19 වෙනිදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට මේවන විට සියලුම වැඩකටයුතු සුදානම් කරමින් පවතිනවා.

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ මෙම විවාහයට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබෙන මොහොතක එම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බවට වාර්තා වනවා.

ඒ, කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන ඇන් මේරි මැදිවකයි. කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඇන් මේරි මැදිවක 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලබා තිබෙනවා.

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් තිබෙනවා. තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්නවා.

හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීමක් කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඇන් මේරි මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරයයි.

About lanka

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!