Breaking News
Home / දේශීය පුවත් / බ්‍රිතාන්‍ය ඇමරිකා ඉන්දියා සහ ලෝක මාධ්‍ය මිරිස් කුඩු පුටු පොත් ප්‍රහාර එල්ල කල විදිය හා රාජපක්ෂ සිරිසේන වික්‍රමසිංහ ගැන වාර්තා කල විදිය

බ්‍රිතාන්‍ය ඇමරිකා ඉන්දියා සහ ලෝක මාධ්‍ය මිරිස් කුඩු පුටු පොත් ප්‍රහාර එල්ල කල විදිය හා රාජපක්ෂ සිරිසේන වික්‍රමසිංහ ගැන වාර්තා කල විදිය

මතබේදාත්මක අගමැති මහින්ද රාජපස්ක්ෂ මහතාගේ මන්ත්‍රීවරුන් පුටුවලින් මිරිස්කුඩු වලින් පොත්වලින් පහර දී පාර්ලිමේන්තුවේ යකා නැටු බව බ්‍රිතාන්‍ය මුලික මාධ්‍යක් වන ටෙලිග්‍රාෆ් හි වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කතානායක වරයාට ආසනයට ඒමට ඉඩ නොදී ගෙනා පුටුවත් රැගෙන පොලිසියට පහර දී සමහරක් නිලධාරින් තුවාල සිදුවූ බවත් ඔවුන් වාර්තා කර තිබෙනවා.

Parliament member Johnston Fernando who is backing newly appointed Prime Minister Rajapaksa throws a chair at police 

මෙම ප්‍රශ්නයට මුලිකවුයේ පසුගිය 26 රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දුන්නත් තවමත් මහින්ද රාජපක්ෂට බහුතරයක් පෙන්වීමට නොහැකිවීම මත රට දැඩි අස්ථාවරත්වයක ඇතිබව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

කතානායක වරයා නමින් චන්ද විමසීමක් කිරීමට උත්සහ ගත්තත් කිසි දිනක මහින්ද පාර්ශවයේ මන්ත්‍රීවරු එයට ඉඩ නොදුන් බවද ඔවුන් වාර්තා කරනවා. රාජපක්ෂගේ මන්ත්‍රීවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු කතානායක ආසනයේ වාඩිවී එය විහිලුවකට ලක්කර අතර අනෙක් ය සටන් පාට කියු බවත් බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සටහන් කරනවා.

සිරිසේන ජනාධිපති පෙර දින මෙම විශ්වාස බන්ගය ගෙන ලෙස එකග කරගත්තත් ඒ කියූ පරිද්දෙන් එම කටයුතු කිරීමට ඔවුන්ගේ පාර්ශව ඉඩ නොදුන් බවද පවසනවා.

එසේම සිරිසේන හා වික්‍රමසිංහ අතර අමනාපයක් නිසා ඔවුන් ගැටුමකට ගොස් ඇති බවත් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති සිරිසේන විවේචනය කරන බවත් වාර්තා කරනවා. එනිසා ඔහු හා කැබිනට් මණ්ඩලය එලවා දමන්නට සිරිසේන කටයුතු කර ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා කරනවා.

Sri Lankan police try to take their positions to escort parliament speaker Karu Jayasuriya into the assembly hall

ඉන් අනතුරුව සිරිසේන බලයට ගෙනත් තනතුර ප්‍රධානය කර ඇත්තේ ත්‍රස්තවාදය අවසන් කල නායකයා බවත් යුධ කාලයෙන් පසු දුෂණ වංචා නාස්ති චෝදනා ඔහුට ඇති බවත් ඒ නිසා ඔහුට ජනතා චන්දයෙන් බලය අහිමිවූ බවත් රාජපක්ෂ මහතා පිළිබද ඔවුන් සදහන් කරනවා.

කෙසේ වෙතත් කතානායක මේ වන විට විශ්වාස බංග කිහිපයක්ම පරාද වූ නිසා රටේ අගමැතිවරයෙක් නැති බවට ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරනවා.

එසේම මෙම සිදුවීම මිට අමතර අල්ජසීරා, බිබිසි, ඒබීසී, එඑෆ්පි, නිව්යෝක් ටයිම්ස්, ද හින්දු, වොෂින්ටන් පොස්ට්, ගාර්ඩියන්, ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් වාර්තා කරනවා.

මේ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය තැබූ වාර්තාව

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!