Breaking News
Home / දේශීය පුවත් / බ්‍රිතානයේ මිලියන 2කට වැඩි අනුමතවූ ෆේස්බුක් පිටුවක් ජාතිවාදය වැපිරීමේ වරදට ඉතිහාසයේ ප්‍රථම වරට ෆේස්බුක් සමාගම ඉවත් කරයි

බ්‍රිතානයේ මිලියන 2කට වැඩි අනුමතවූ ෆේස්බුක් පිටුවක් ජාතිවාදය වැපිරීමේ වරදට ඉතිහාසයේ ප්‍රථම වරට ෆේස්බුක් සමාගම ඉවත් කරයි

එංගලන්තයේ නිල ෆේස්බුක් පිටුවක් වන “Britain First” නම් ෆේස්බුක් පිටුව ඊයේ (14) දිනයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කර ඇත. එයට හේතුව ලෙස ෆේස්බුක් ආයතනය පවසන්නේ එම පිටුව විසින් ෆේස්බුක් වලට අදාලා නීති මාලා උල්ලංගනය කර ඇති බවයි.

මෙම මස මුලදී මෙම Britain First නම් ආයතනයේ අයිතිකරු හා සම අයිතිකරුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්තරා ආගමකට කිසි ප්‍රමිතියකින් තොරව මඩ ගැසීම හා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හේතුවෙනි.

කෙසේ නමුත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව වන “Britain First” නම් පිටුවද ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ban කිරීමට හේතු වී ඇත්තේ, ජාතිවාදය පතුරවන පොස්ට් පල කිරීම හා ඔවුනට ලබා දුන් අවසාන අවවාදයයට පසුවද ඔවුන් එසේ පල කිරීම හේතුවෙන් මෙම පියවර ගත බවයි. එම අවස්තාව වන විටත් එම පිටුවේ ලයික්ස් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් තිබිය.

අද දිනයේදී ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් 4 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණී අතර, ඔවුන් එහිදී රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනක් මුණ ගැසී ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට ඔවුන්ගේ පැත්තෙන් විය යුතු කාරනා පිළිබඳව සාකච්චා කර ඇත.

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන පිරිස මිලියන 6.6 කට ආසන්න වන අතර, ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නැති වුවහොත් එය ඔවුනට ලොකු බලපෑමක් ඇති නොකලත්, ඔවුන්ගේ කීර්තිනාමයට හානියක් බැවින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට මුලික හේතු ලෙස දක්වයි. දැනටමත් ශ්‍රී ලංකාව තුල ජාතිවාදය පැතිරවූ ෆේස්බුක් පිටු කිහිපයක් තහනමට ලක් කර ඇත.

මෙම සිද්ධිය ගැන බොහෝ දෙනා විවේචනය කලත්, බ්‍රිතානයයෙද මේ නිතිය ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ නිල(verified) ෆේස්බුක් පිටුවක් එනම් ලයික් මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් තියන පිටුවක් ෆේස්බුක් නීති මාලාවට අවනත නොවීම හේතුවෙන් ban වන අවස්තාවක් මෑතකදී සිදුවුයේ නැත.

About lanka

Check Also

මොම්බායි ඉන්දියන් ප්‍රධාන පුහුනුකරු අපේ මහේල කණ්ඩායමේ විනය හදන්න අපූරු දඬුවමක් නිර්මානය කරයි. බලන්න

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!