Breaking News
Home / දේශීය පුවත් / බ්‍රිත්‍යාන්‍යයේ ප්‍රභල කාන්තාව ශෙරීගේ මව ඩිංගිරි අම්මා මාධ්‍ය කණ්ඩායමට කියූ සංවේදි කථාව

බ්‍රිත්‍යාන්‍යයේ ප්‍රභල කාන්තාව ශෙරීගේ මව ඩිංගිරි අම්මා මාධ්‍ය කණ්ඩායමට කියූ සංවේදි කථාව


එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටින මේ සුවිශේෂි කාන්තාවගේ මව පිළිබඳ ලද තොරතුරක් මත ඊයේ නිව්ස්ෆස්ට් ක්‍රියාත්මක විය.

බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය ඇතුළු විශේෂ කාර්යන් ගණනාවකට දායකත්වය ලබා දුන් කාන්තාවක වන ෂෙරී අවස්ථා රැසකදී ලෝක අර්ථීක සමුළුව ඇමතූ අතර මේ වන විට සිය වෘත්තීය ජීවිතයේ අති සර්ථකත්වයක් හිමි කර ගත් කාන්තාවකි.

1991 පෙබරවාරි 28 වන දා ෂෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ නිරෝෂිකා යන නාමයෙනි.

නිව්ස්ෆස්ට් ඩිජිටල් අංශය ඇගේ ඡයාරූප දිගින් දිගටම ප්‍රසිද්ධියට පත් කරමින් ජනතා සහය පැතූ අතර ඊයේ පස්වරු 1.00ට පමණ අපට තීරණාත්මක දුරකතන ඇමතුමක් ලැබුණේ, කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙනි.

එහිදී අප ඡයාරූපවල පෙන්වූ කාන්තාව තම ඥාතිවරියක බවත් අප ප්‍රවෘත්ති විකාශයෙන් දුටු වහාම මේ පිළිබඳව ඇගෙන් විමසීමක් කළ බවත් එම ඇමතුමෙන් කියවිණි.

ඒ අනුව ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක සිටින බවට තහවුරු කර ගත් අප ඊයේ රාත්‍රියේ එම ස්ථානය බලා පිටත් විණි.

ඊයේ රාත්‍රී 9.00ට පමණ අපට එම කාන්තාව හමුවූ අතර ඇය ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් කුඩා කාමරයක දිවි ගෙවමින් සිටියි.

ෂෙරී ඇචේසන් හදා වඩා ගන්න අවස්ථාවේ ලබා ගත් ජායාරූපවල සිටි කාන්තාවට මෙම කාන්තාව අතිශයින්ම සමාන වූ අතර මෙහිදී තවත් සුවිශේෂී අනාවණයක් සිදුවිණි.

ඒ, ෂෙරී ඇචේසන් නිවුන් දරුවෙකු බව ය.

ඇගේ නිවුන් සොහායුරිය මේ වන විට විවාහ වී සිටින බවත් ඇය හෝ සිය පුතු ෂෙරී පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවත් අපට හමුවූ මෙම කාන්තාව ප්‍රකාශ කළා ය.

ඒ හේතුවෙන් ඇයගේ මුහුණ හෝ හඳුනා ගත හැකි තොරතුරක් තවදුරටත් අනාවරණය නොකර සිටීමට නිව්ස්ෆස්ට් කටයුතු කරයි.

Source: නිව්ස්ෆස්ට්

 

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!