Breaking News
Home / දේශීය පුවත් / බස්නාහිරත් සෙංකෝලය කඩයි… මන්ත්‍රීවරු මහ ගාලගෝට්ටියක

බස්නාහිරත් සෙංකෝලය කඩයි… මන්ත්‍රීවරු මහ ගාලගෝට්ටියක

මෙම විශේෂ සභාවාරය කැඳවා තිබුණේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව පළාත් සභාවේ මතය විමසීම සඳහායි.

රැස්වීම ආරම්භයේදී පක්ෂ නායක රැස්වීමක් අවශ්‍ය බවට ප්‍රධාන අමාත්‍යවරයා කල ඉල්ලීම අනුව සභාව මිනිත්තු 15කට කල් තබා තිබේ.

අනතුරුව රැස් වූ සභාවට ප්‍රධාන අමාත්‍යවරයා දන්වා ඇත්තේ, මී ළඟ සභාවාරයේදී 20වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සුදුසු බවයි.

ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විරෝධය දැක්වීමත් සමග සභාවේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සෙංකෝලය ඉවතට ගැනීමට උත්සහ කළ බව අප වාර්තාකරු පැවසී ය.

මේ වනවිට පළාත් සභා විශේෂ රැස්වීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!