අන්තර්ජාල මාධ්‍යයන් මගින් ආන්ඩුව අසත්‍ය ලෙස හා අසභ්‍ය ලෙස ලිපි හා පුවත් පල කරන්නන් අත්අඩංගුවට ගත යුතු යයි තමන් ජනාධිපතිවරයාට යෝජනා කල බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
එවන් කිහිප දෙනෙකු හෝ අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවුවහොත් රට තුල ශිෂ්ඨ සම්පන්න මාධ්‍ය සම්ප්රදායක් ඇති වන බවද ඔහු සදහන් කරයි.
කුඩා දරුවන් සමහර වෙබ් අඩවිවල පලවන අසබ්ය වචන දැක විසමද්දී වැඩිහිටියන්ද අපහසුතාවට පත්වන්නේ යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.