Breaking News
Home / දේශීය පුවත් / බලයට ආ විගසින් අහෝසි කරන බව කියූ සිංගප්පුරු ගිවිසුම එහෙම අහෝසි නොකරන බව බින්දුල දැන් කියයි. රට පුරා වර්ජනය කරනවා කියූ කටු කන වෛද්‍ය සංගමය කෝ?

බලයට ආ විගසින් අහෝසි කරන බව කියූ සිංගප්පුරු ගිවිසුම එහෙම අහෝසි නොකරන බව බින්දුල දැන් කියයි. රට පුරා වර්ජනය කරනවා කියූ කටු කන වෛද්‍ය සංගමය කෝ?

එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට සිංගප්පූරු ගිවිසුම පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ද ගුණවර්ධන මහතා කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘දැවැන්ත වගකීමක් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නෑ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ කරන්න යන්නේ නෑ.‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

සිංගප්පූරු ගිවිසුම බලයට ආ සැනින් අහෝසි කරන බව කී බන්දුල ගුණවර්ධන මහතා ආත්මාර්ථකාමී බල තණ්හාවෙන් කුහක ප්‍රකාශ කරමින් සිංගප්පූරු ගිවිසුම වහා නතර කළ යුතු බව කියමින් පසුගිය කාලයේ මඩ ගැසූ අතර දැන් ඔහු ඊට හාත්පසින්ම වෙනස් දෙයක් පවසයි.

ඒ දවස්වල මේ කාලකන්ණි දේශපාලකයන්ගේ මෝඩ බස් අසමින් ඒ වෙනුවෙන් කැම්පේන් කළ මෝඩ ජනතාව දැන් කුමක් හෝ අලුත් තර්කයක් ගෙන එමින් සිංගප්පූරු ගිවිසුම සාධාරණීයකරණය කරනු ඇත.

අපේ රටේ උපන් ගෙයි මෝඩයන්, ගිවිසුමක් කියවා එහි සැබෑ ස්වරූපය අධ්‍යනය කරනවා වෙනුවට එදා පටන් කළේ කුහක දේශපාලුවන්ගේ උවමනාවන්ට කඩේ යාම පමණකි.

මෙම ගිවිසුම ගෙන ආවොත් වෛද්‍යවරුන්ගේ සංගමය ලංකාවේම වැඩ වර්ජන කරන බව කියූ අතර තොරතුරු තාක්ෂණ සංගමයක් ඉංජිනේරු හා වෙනත් වෘතිකයන් යනුවෙන් සංගම් අටෝගෙන සිංගප්පුරුවේ කුණු පවා ගේන්නට යනවා කියලා බලය වෙනුවෙන් රටේ ජනයා නොමග යවා දැන් බලය ලැබූ පසු කටු කන්නන් නිශ්ශබ්ද කර දැන් එලෙසම ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න යාම මේ රටේ වහලුන්ට වගේම වහලුන්ගේ බසට ඉක්මනින් රැවටෙන මරි මෝඩයන්ටද හොද පාඩමකි.

කවුරුන් කලත් රටට හොදක් කරන දෙයක් කිරීමට අපේ රටේ කිසිවකු ඉඩ නොදෙන අතර මේ රටේ වැදගත් දේශපාලනය නැවත ගෙන ඒමට නම් පාදඩ ජනතාව එකවර සෝමාලියාවට හෝ පන්නා දැමිය යුතුයි.

හැමදාම බල තන්හා පාලකයන් විසින් නිර්මානය කරන අමු අමුවේ පෙනෙන උගුල් එසේය කියා පිළිගැනීම කිසිදු තොරතුරක් සොයා නොබලා එය දෝත් මුදුන් දී ජනතාව පිලිගයි.

කලක් තිස්සේ රටේ ප්‍රතිපත්ති දේශපාලනයක් නැති අතර තිබෙන්නේ එක පිලක් සංවිධානය වී මාධ්‍ය එකතුවී සංගම් එකතුවී හොද නරක නොබෙදා කෙසේ හෝ බලය ලබා ගැනීමට පමණක් රට විකුණන් කයි. එයට රෙද්ද ගලවා පස්චාත්බාගය හෝ පරිබව කිරීමට ඉඩ දෙන ලංකාව තුච්ච ජනතාවක් වෙසෙන රටක් වීම අතිශය ශෝකයක්.

මේ තට්ටු මාරු උගුල් නතර නොවන්නේ තුච්ච ජනතාවක් සිටින නිසා බව අවධාරණය කල යුතුයි.

ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම

ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාව වසර 10 කට පසු අත්සන් කරන ලද පළමු වෙළෙඳ ගිවිසුම වන අතර, මෙය භාණ්ඩ වෙළෙඳාමෙන් ඔබ්බට ශ්‍රී ලංකාව පළමුවරට අස්සන් කළ වඩාත් පුළුල් වු ගිවිසුමක්ද වේ. අග්නිදිග ආසියාතික රටක් සමග ඇති අපගේ මුල්ම එකඟතාවයද මෙය වේ.

මෙම ගිවිසුම ප්‍රධාන වශයෙන් සේවා, ආයෝජන, සනීපාරක්ෂක හා ‍ජෛවමිතික මෙහෙයුම්, වෙළඳාම සඳහා වන තාක්ෂණික බාධක ඉවත් කිරිම, වෙළෙඳ පිළිසරණ සහ ආරවුල් නිරවුල් කිරීම, රේගු සම්බන්ධතා සහ වෙළෙඳ පහසුකම් සැපයීම, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව, රජයේ ක්‍රමසම්පාදන, විද්‍යුත් – වාණිජ හා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආදිය ආවරණය විය.

කලාපයේ වඩාත්ම නිදහස් (ලිබරල් ) ආර්ථිකයක් ඇති එමෙන්ම ඉතා දැඩි නීතිමය පසුබිමක් සහිතව ක්‍රියාකරන, ගෝලීය වශයෙන් සක්‍රීය සහ දියුණු කළමනාකරණ / ආයතනික දක්ෂතා සහිත පුරවැසියන්ගෙන් හා ව්‍යුහයන්ගෙන් සැදුම්ලත් සිංගප්පුරුව වැනි රාජ්‍යයක් සමඟ මෙලෙස වෙළෙඳ ගිවිසුම් ගත විම නිසැකවම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඊළඟ මට්ටම ළඟා කර දෙන ඵලදායි ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාවකට මඟ පෑදෙන්නක් බව යහපාලන රජයේ විශ්වාශය වි තිබිණි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!