Breaking News
Home / දේශීය පුවත් / බරපතල දූෂන වර්ථාව නිසා වසර හතකට පෙර කල ITN දූෂනයට මහින්ද ගස්. මන්ත්‍රිකම හා වරප්‍රසාද සියල්ල අහිමිවෙයි

බරපතල දූෂන වර්ථාව නිසා වසර හතකට පෙර කල ITN දූෂනයට මහින්ද ගස්. මන්ත්‍රිකම හා වරප්‍රසාද සියල්ල අහිමිවෙයි

සියයට සියයක්ම රජයේ කොටස් හිමි ස්වාධින රූපවාහිනි සේවය අයුතු ලෙස දේශපාලන කටයුතුවලට යොදා ගැනිමේ වරද මත හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වසර 7 කට පසුවත්පා ර්ලිමේන්තුවට පත්විමේ අවස්ථාව අහිමි කළ යුතු යැයි බරපතල වංචා දුෂණ සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර සිටියි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබු බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන්වා ර්තාවේ 148 හා 149 වන පිටුවල ඉහත නිර්දේශ ඇතුළත් කර පවතියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කරන නිර්දේශ පහත පරිදිය.

2015 ජනාධිපතිවරණයට අදාළව ස්වාධින රූපවාහිනි ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රචාරක දැන්විම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල්සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකර ගත යුතු රුපියල් 2,467,812 ක මුදලක් අය කර නොගැනිමෙන් දුෂණය නැමැති වරද සිදු කිරිමට හෝ අනුබලදිම හෝ පොදු අරමුණක්ස හිතව එකී වරද සිදු කිරිම.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවු රුපියල් 9,466,000 ක් වටිනා ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්විම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධි ලෙස ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ විකාශය නොකර එම මුදල් ආපසු ගෙවිමෙන් ආණ්ඩුවට පාඩුවක් කිරිම.

සියයට සියයක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනි ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා රජයට පාඩු කරමින් මෙම දුෂණය නැමැති වරද කර ඇති බව පෙනීයයි. මෙවැනි වැරදි සිදු කළ අය රට වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැක.

ඒ අනුව වසර 07 කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයින්ට ව්‍යවස්ථාදායකයේ නියෝජතියන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන්ව ශයෙන් පත්විමට අවස්ථාව ලබාදිම නුසුදුසු බව මෙම කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මෙම කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරදිකරුවන් වූ අය එසේ වරදකරු කිරිමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් පත්විම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්විම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් විම නුසුදුසු බවට වන නීති සම්පාදනය කිරිම අවශ්‍ය බවයි.

About article14_2

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!