Breaking News
Home / දේශීය පුවත් / බරපතල දුෂණ වාර්තාවේ නිදහස් පක්ෂ අනුශාෂක මහින්දගේ චෝදනා ගැන ගන්න පියවර කුමක්දැයි එජාප පසුපෙළ මෛත්‍රී රනිල් දුමින්ද හා අමරවිරගෙන් විමසයි

බරපතල දුෂණ වාර්තාවේ නිදහස් පක්ෂ අනුශාෂක මහින්දගේ චෝදනා ගැන ගන්න පියවර කුමක්දැයි එජාප පසුපෙළ මෛත්‍රී රනිල් දුමින්ද හා අමරවිරගෙන් විමසයි

බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට කර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරුන්ගෙන් ලිඛිතව විමසිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු තිරණය කර සිටියි.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම තිරණය ගනු ලැබූවේ මහින්ද රාජපක්ෂ මහතා ගැන බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා වූ කොමිෂන් සභා වාර්තාවේ කර ඇති නිදේශ අනුවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකධූරය දරන මහින්ද රාජපක්ෂ මහතාට දී තිබෙන මේ නිර්දේශ ගැන පක්ෂයක් ලෙස ගන්නා තිරණ ඉල්ලා ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතාට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවිර මහතාටත් මේ සතියේදිදි ලිපි යැවිමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව මත ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක මහතා ගැන එක්සත් ජාතික පක්ෂය ගනු ලැබු පියවර ද ඉහත ලිපියට ඇතුළත් කිරිමට ද පසුපෙළ මන්ත්‍රීවරු අපේක්ෂා කරයි.

ලිපිවල පිටපත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත යොමු කිරිමට ද නියමිතය.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!