Breaking News
Home / දේශීය පුවත් / බරපතල දුෂණ වාර්තාවට මුනුවත රකින බැඳුම්කර විවාදය ඉල්ලපු නිදහස් පක්ෂ එක ඇමතියෙක් විවාදෙට ඇවිත් නැ. ලක්ෂ 45 ක නාස්තියට එජාපෙන් පැමිණිල්ලක්

බරපතල දුෂණ වාර්තාවට මුනුවත රකින බැඳුම්කර විවාදය ඉල්ලපු නිදහස් පක්ෂ එක ඇමතියෙක් විවාදෙට ඇවිත් නැ. ලක්ෂ 45 ක නාස්තියට එජාපෙන් පැමිණිල්ලක්

බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇති නියෝග ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් බාරදී ඇත.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී ඇත්තේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වගන්තියයේ සඳහන් කර ඇති ප්‍රතිපාදන උපුටා දක්වමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරුන් නෙරපිම සහ ප්‍රජා අශක්යුත්  නියම කිරිමේ 81 වෙනි වගන්තියේ ප්‍රතිපාදනය පහත ආකාරයට  දක්වයි.

ර්‍ණජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකු, මහාධිකරණ විහිශ්චයකාරවරයෙකු හෝ දිසාඅධිකරණයේ විනිශ්චයකාරවරයෙකු හෝ එසේ වූ සාමාජිකයන්ගෙන් හෝ සමන්විත විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් විසින් යම් කිසි තැනැත්තෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවිම ආරම්භවීමට හෝ පසු කරන ලද හෝ නොකර හරින ලද ක්‍රියාවක් හේතු කොට ගෙන ඒ තැනැත්තා ප්‍රජාඅශක්යුතාවයට යටත් කළ යුතු යැයි නිර්දේශ කරනු ලබන අවස්ථාවක (නොපැමිණි මන්ත්‍රිවරුද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවේ තුනෙන් දෙකකට නොඅඩු මන්ත්‍රීවරයෙන් සංඛ්‍යාවක් පක්ෂව ඡන්දය දෙනු ලැබ සම්මත කරනු ලැබු යෝජනා සම්මතයක් මගින්,

(අ) ඒ තැනැත්තා අවුරුදු 7 ක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අශක්යුතාවන් නියම කිරිම සහ (අ) ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපීම ද කළ හැක්කේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 81 (2) ප්‍රතිපාදන අනුව ඉහත යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා විසිනැයි ද දක්වයි.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ කළයුතුව ඇති හෙයින් ජාතික රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බහුතර එක්සත් ජාතික පෙරමුණු ඇමතිවරුන්ගේ කැමැත්ත මත පහසුවෙන්ම එය සම්මත කළ හැකි බවට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත සිය ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා සිටියි.

About lanka

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!