Breaking News
Home / Video / බදුර්දීන් ඒ කාලේ හිගන්නා දැන් සල්ලිකාරයා ගම්වාසින්ගෙන් හෙළිවෙයි. 1990 ට පෙර පදිංචි කතාව හා ඇත්ත හොයන්න රන්ජන් විල්පත්තු යයි. පවුලකට අක්කර බාගයයි

බදුර්දීන් ඒ කාලේ හිගන්නා දැන් සල්ලිකාරයා ගම්වාසින්ගෙන් හෙළිවෙයි. 1990 ට පෙර පදිංචි කතාව හා ඇත්ත හොයන්න රන්ජන් විල්පත්තු යයි. පවුලකට අක්කර බාගයයි

රන්ජන් සිදුවන ක්‍රියාවලිය දැකගන්න මාධ්‍යවේදීන් සමග ගිය ගමනක් පහත ඇත. එහිදී කාරනා කිහිපයක් මතුවෙයි. ඉන් එකක් නම් ඔවුන් 1990 ට පෙර ජීවත්ව සිටි ප්‍රදේශයක් වන අතර එවකට අද තරම් පවුල් සංඛ්‍යාවක් අනිවාරයෙන් සිටීමට නොහැකි වන්නේ ජනගහන වර්ධනයක් අද වන විට තිබෙන නිසාවෙන්.

තවද ඔවුන් එළිපෙහෙළි කරමින් සිටින්නේ විපත්තු වන උද්‍යානයට අයත් කොටස් නොවන අතර ඉන් එපිට කිලෝමීටර් 2 කට පමණ ඈතින් ඇති වනසංරක්ෂණ ප්‍රදේශයකි. එහෙත් මේ වන විට එය දැවැන්ත වනයක් බවට පත්වී ඇත. එම ප්‍රදේශවාසීන්ගේ තර්කට වන්නේ 1990 ට පෙර පදිංචි ඉඩම් ඔවුන්ට අවශ්‍ය බවත් එවකට පුත්තලම අනුරාධපුර ප්‍රදේශ වලට ඔවුන් පලා ගිය බවත් සමහරක් ඒවායේ ඉඩම් මිලට ගෙන ගෙවල් සාදාගත් බවත් අනෙක් අය කදවුරු වල ජිවත් වූ බවයි.

එය සාදාරන කතාවක් වන්නේ සුනාමිය නිසා අනාත වූ පවුල් සමහරක් ප්‍රදේශ වල තවමත් එවන් අනාත කදවුරු වල සිටින නිසාවෙන්. එහෙත් ඔවුන් නැවත පදිංචියට පැමිණීමේදී වූ අපරාධයක් ඇත. ඒ කුමන හේතුවක් නිසා හෝ හැදී වැඩි ඇති වනාන්තරය හිත් පිත් නොමැතිව එක නිවසකට අක්කර බෑගය බැගින් හෙළිකිරීමට 2012 බැසිල් ඇතුළු රාජපක්ෂ රජය අවසර දීමයි.

එය එසේ නොකර තට්ටු නිවාස හෝ අක්කර බාගයක පවුල් 4 ක් 5 ක් හෝ පදිංචි කලානම් මෙවන් වන හානියකින් බේරී රැවුලත් කැදත් බේරාගැනීමට හැකිව තිබුණි. දකුණේ මිනිසුන් වැට මායිමට රණ්ඩු වී දශක ගණන් නඩු කියන්නේ තමන්ගේ ඉඩමේ හිමිකම වෙනුවෙන් නිසා උතුරේ දෙමල මිනිසුන් හෝ මුස්ලිම් මිනිසුන් තමන්ට හිමි ඉඩම නැවත දෙන ලෙස හඬ නැගීමේ ප්‍රශ්නයක් නැත.

එය මනුෂ්‍යන්ගේ ස්භාවයකි. එහෙත් විල්පත්තු ආශ්‍රිතව තිබු පැරණි භුමිය 2012 වන විට පෝසත් වනයක් වූ නිසා එය පවුලකට අක්කර බාගය බැගින් හෙලිකර පවුල් දෙතුන් දාහකට බෙදා දීමට තීරණ ගද්දි එම තීරණ ගත පාර්ශව වලට මොලේ කළදක් හෝ තිබිය යුත්තේ ඒ එලිවන්නේ දිනෙන් දින වියලි යන ලංකාවේ වනාන්තර අක්කර 1500 ක් 2000 හෙලිකිමට යන මන්ද බුද්දික තීරණයක් ලෙසයි.

මේ වන විට ප්‍රශනය උඩු දුවා අවසන්. මේ වන විට මෙය දේශපාලකයන් ඇතුළු ආගම් ජාතිවාදීන් ව්‍යාපාරිකයන් පටු අරමුණු කරුවන් විකුණන් කන සිද්දියක් වී ඇත. අප පුද්ගලික ඉඩමක ඉබේ පැලවූ කළුවර හෝ කොස් ගහක් අපේ ඉඩම පරම්පරා ඉඩම කියා කපා දැමිය නොහැකි.

මේ කාරණයේ පැති රාශියක් ඇති අතර මෙය විසදීම දැන් සයිටම් හම්බන්තොට වරාය ෆොට්සිටි මත්තල වැනි ප්‍රශ්න මෙන්ම වැඩේ වල් වී ඇත. මේ ප්‍රශ්න සියල්ලම හැදු පුද්ගලයින් මේ වන විට මේ වසරේ නැවත ජනාධිපතිවරයෙක් පත් කරගැනීමටද දත කට මදිමින් සිටින අතර වසර 4 පරිසර ඇමතිවි සිට සැප නින්දකට වැටි සිටි හාදයාද නැවත ජනපති වීමට දින ගනිමින් සිටි. මේ රන්ජන් විල්පත්තු ගිය ගමනයි.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!