Breaking News
Home / Video / බදුර්දීන් ආවට පස්සේ තමයි දේශපාලන වාසිවලට මුස්ලිම් සිංහල අය වෙන් කලේ – මල්වතුහිමිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

බදුර්දීන් ආවට පස්සේ තමයි දේශපාලන වාසිවලට මුස්ලිම් සිංහල අය වෙන් කලේ – මල්වතුහිමිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

සිංහල මුස්ලිම් දෙපැත්තේම අන්තවාදීන් සිටින බව සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසනවා.

ඒ උන්වහන්සේ බැහැ දැකීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැමිණි අවස්ථාවේ දී.

මෙම ගැටළු සියල්ල නිර්මාණය කර ඇති බවයි සුමංගල හිමියන් පෙන්වා දුන්නේ.

මීට පෙර ජාතීන් තුනටම අයත් දරුවන් එකට පාසල් අධ්‍යාපනය සිදුකළ බවත් පසුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පත් වූ පසු සියල්ල වෙනස් වූ බවත් ඔහු විසින් මුස්ලිම් අයට පමණක් වූ විද්‍යාල පටන් ගත් බවත් උන්වහන්සේ සඳහන් කළා.

ජාතීන් එකිනෙකාගෙන් ඈත් වීමට පටන් ගත්තේ ඒ නිසා බවයි මහානායක හිමියන් අවධාරණය කළේ.

සිංහල දෙමළ මුස්ලිම් පාසැල් සහමුලිනම තහනම් කොට එකට යා යුතු බව එහි දී අමාත්‍යවරයා සඳහන් කළා.

About lanka

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!