Breaking News
Home / දේශීය පුවත් / බදාදා රැ මුම්බායි ඉන්දියන් ගහලා කඩුලු 3 ක් අරන් උදේ 3 ට නුවරට ඇවිත් උදේ 8 ට පළාත් තරගයේ නායකයා ලෙස ක්‍රීඩා කර මාලි කඩුලු 7 ක් දවාගයි

බදාදා රැ මුම්බායි ඉන්දියන් ගහලා කඩුලු 3 ක් අරන් උදේ 3 ට නුවරට ඇවිත් උදේ 8 ට පළාත් තරගයේ නායකයා ලෙස ක්‍රීඩා කර මාලි කඩුලු 7 ක් දවාගයි

ලෝක කුසලානයට ක්‍රීඩකයන්ට දොර විවෘත කරන පළාත් තරගාවලිය අද ආරම්භ වූ අතර එය ලබන 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එක කණ්ඩායමකට හිමිවන්නේ තරග තුනක් පමණක් වීම පිළිබද යම් මත ඉදිරිපත්වී තිබෙන්නේ තරග 3 කින් ලෝක කුසලානයකට ක්‍රීඩකයන් තේරිය හැකිද යන්න මතයි.

කෙසේ වෙතත් එක තරගයක් දබුල්ලේදී චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායම හා මැතිව්ගේ දබුලු කණ්ඩායමත් අතර දබුල්ලේදී පවතී අතර අනෙක් තරගය මාලිංගගේ ගාල්ල කණ්ඩායම හා දිමුත්ගේ නුවර කණ්ඩායම අතර පල්ලකැලේ තරගයක් පැවැත්වුනා. එහි මාලිංගගේ ගාල්ල හා දිමුත්ගේ නුවර තරගය පළමුවෙන් අවසන් වූ අතර පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 255 ක් සියල්ල දැවී ලබා ගත්තා.

එහිදී ආරම්භක පිතිකරු සදුන් වීරක්කොඩි පන්දු 63 කින් ලකුණු 56 ලබා ගත් අතර එයට 4 පහර 9 ඇතුලත්. කුසල් මෙන්ඩිස් පන්දු 87 දී ලකුණු 65 යි. එයට 4 පහර 3 එක හයේ පහරක් ඇතුලත්. මිනොඩ් බානුක 39 යි මිලින්ද සිරිවර්ධන 32 යි. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 44 ට කඩුලු 3 ක් වැන්දසේ 55 ට කඩුලු 3 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නුවර කණ්ඩායම ඉතා දුර්වල ලෙස 99 කට පන්දුවාර 18.5 ට සියල්ල දැවී ගියා.

මෙහි විශේෂත්වය වන්නේ නායක දිමුත් ආරම්භක පිතිකරු ලෙස නොදැවී ලකුණු 35 ක් ලබා ගනිමින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කිරීමයි. ඔහු එක අන්තයක සිටියදී අනෙක් සියල්ල දැවී ගියා. වැන්දසේ ලකුණු 19 හා තිසර පෙරේරා ලකුණු 12 ලබා ගැනීමට සමත් වුනා. ඒ හැර කිසිවකු ලකුණු 10 ක් වත් ලබා ගත්තේ නැ.

පන්දු යැවීමේදී ඇති විශිෂ්ට පන්දු යැවීමක් කල ගාල්ල නායකයා මාලිංග ඉතිහාසගත පන්දු යැවීමක් කල අතර පන්දු වාර 9.5 කට ලකුණු 49 යි කඩුලු 7 ලබා නුවර කණ්ඩායම විනාශ කර දැමුවා. ඊයේ(3) රාත්‍රියේ මාලිංග මුම්බායි කණ්ඩායමට ක්‍රීඩා කර ලකුණු 34 ට කඩුලු 3 ලබා මුම්බායි කණ්ඩායමට ජයක් ගෙන දී රාත්‍රියේම මුම්බායි නුවරින් පිටත් වී අද උදැසන 3 ට පමණ නුවරට පැමිණ තිබෙනවා.

3 ට පැමිණ 8 වන විට අද තරගයට සහබාගි වී කඩුලු 7 ක් ලබාගන්නට තරම් කැපවීමක් ආත්ම ශක්තියක් අධිෂ්ටානයක් තිබීම පුදුම සහගත හා වර්තමාන ලපටි ක්‍රීඩකයන්ට හොද ආදර්ශයක්. 2010 ට පෙර ක්‍රිකට් පටන්ගත් ක්‍රීඩකයන්ට ඇති අධිශ්ටානය ඉන්පසු බිහිවුවන්ට නොමැතිවීම අපේ රටේ ක්‍රිකට් වැටීමට ප්‍රධාන හේතුවයි.

එසේම පැය 15 ඇතුලත මාලිංග රටවල් දෙකක තරග රටා 2 ක කණ්ඩායම් 2 ක ක්‍රීඩා කර පන්දුවාර 13 පන්දු 5 යවා ලකුණු 83 කට කඩුලු 10 ක් දවාගෙන තිබෙනවා. ලසිත්ට අමතරව චමීර කඩුලු 3 ලබා ගත්තා. ලකුණු 156 ක දැවැන්ත ජයක් මාලිංග ප්‍රමුක ගාල්ල කණ්ඩායමට හිමිවුවා.

එසේම අනෙක් තරගය ලෙස දඹුල්ලේ පැවතී දබුල්ල හා කොලබ අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම ලබාගත්තේ 238/9 පමණයි. පළමු කඩුල්ලට හොද සම්බන්ධයක් පැවැත්වූ අතර එය ලකුණු 66 ක්.

තරංග හා අවිශ්ක ඉනිම ආරම්භ කළා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54 පන්දු 52 ලබාගත් අතර අවිශ්කගේ ඊට පෙර දික්වැල්ල විසින් ස්ටම්ප් කිරීමක් මග හැරීමද විශේෂත්වයක්. නායක චන්දිමාල් ලකුණු 42 යි. එක පිට එක කඩුලු ලග දැවී යාමේදී වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ලකුණු 57 ලබාගෙන 238 දක්වා ගෙනයාමට හේතුවක් වුවා.

චාමර සිල්වා ලකුණු 29 ද ලබා ගත්තා. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක් කල ජීවන් මෙන්ඩිස් ලකුණු 36 ට කඩුලු 4 ලබා ගත්තා. විශේෂයෙන් වේග පන්දු යවන්නට සුදුසු තණතිලි සාදා තිබු අතර එහිදී දග පන්දු යවන ජීවන් කඩුළු ලබා ගැනීම විශේෂත්වයක්. එසේම පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර අත්දැකීම් ඇති ජීවන් හොදින් ක්‍රීඩා කලත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට ලබා දුන්නේද නැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුලු කණ්ඩායම නුවර කණ්ඩායම මෙන්ම ඉනිම මුල සිටම ඇදවට්ටවා ගත්තා. දික්වැල්ල තම ජිවිතේ ඉතාම අදුරු කාලයක් ක්‍රීඩා කරමින් සිටින අතර ඔහු ලකුණු 6 දනුෂ්ක ගුණතිලක ලකුණු 3 යි. භානුක රාජපක්ෂ ලකුණු 38 යි. තුන් ඉරියව් ක්‍රීඩක ඉෂාන් ජයරත්න 36 යි. අනෙක් කිසිවෙක් ලකුණු 20 පසුකරගෙන ගියේ නැ.

ඔවුන් ලබාගත්තේ ලකුණු 156 පමණයි. ඒ අනුව ලකුණු 82 ක ජයක් කොළඹ කණ්ඩායම හිමිවුණා. සුරංග ලක්මාල් ලකුණු 29 ට කඩුලු 3 යි. චාමික කරුණාරත්න 29 ට 2 යි.

අද තරග දෙකේම කණ්ඩායමක් ලකුණු 255 පසු කරීමට සමත් වුයේ නැති අතර ක්‍රීඩකයකු ලකුණු 65 ට වඩා ලබාගෙන නැ. විශේෂයෙන්ම කණ්ඩායම් 4 ම දුටු පොදු දුර්වලකම පිතිකරුවන් සම්බන්ධතා ගොඩ නොනැගීම හා ඉනිම මැද ගොඩනැගීමට අසමත්වීම හා කණ්ඩායම් සියල්ලේම මැදපෙළ ක්‍රීඩකයන් දීර්ග ඉනිමක් ගොඩනැගීමට තරම් මානසිකත්වයක් නැතිවීම හා අප්‍රමාන හදිසියක් තිබීම දුටුවා.

තවද අවසන් කඩුලු කිහිපය සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න ආකාරයද දුටුවා. ජාතික කණ්ඩායමේ පොදු දුර්වලකම් මෙම කාන්දයම් 4 දී දුටුවා. ඒ සමගම ලසිත් මාලින්ග ජීවන් මෙන්ඩිස් සුරංග ලක්මාල් වැනි සංගා මහේල කාලයේ සිට ක්‍රීඩා කල ක්‍රීඩකයින් කඩුලු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමද කැපී පෙනෙන සිද්දියක්.

මෙම තරග දෙකන් ලංකාවේ ක්‍රිකට් වල වර්තමාන විශාලම දුර්වලකම් පැහැදිලිව හදුනාගත හැකි අතර දේශීය විචාරකයන්ද පිතිකරුවන්ගේ ඉනිමක් ගොඩනැගීමට නොහැකි මානසිකත්වය පිළිබද කතා කර සිටියා. මීලග තරග දෙක ලබන 6 වනදා පැවැත්වෙනවා.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!